|

ඇඳිරි නීතිය ඉවතට : අගුළු දැමීම , සංචරණ සීමා තදින් ; නිරෝධායනය නිවෙස් වල ; සඳුදා සිට නව සැලැස්මක්

 

ලබන සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බවත් , ආසාදිතයන් හමුවන ප්‍රදේශ අගුළු දැමීමත්, සංචරණ සීමා පැනවීමත් තදින් ක්‍රියාත්මක කරන බවත් රජයේ ආරංචි මාර්ග කියයි ,

ඇඳිරි නීතිය සඳුදා  සිට ඉවත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබී ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.

කොවිඩ් මර්ධනය අධීක්ෂණය සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්චාවක දී  ජනාධිපතිතුමා උපදෙස්  දී ඇත්තේ රෝගීන් හමුවන ප්‍රදේශ හුදෙකලා කරමින් , සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් රෝගය පාලනය කිරීමට කටයුතු කරන ලෙස යි.

කොවිඩ් 19 ආසාදිතයන් අතර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අය පමණක් රෝහල් වෙත යොමුකරන ලෙසත් , ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධායනයට යොමු කොට දැඩි පාලනයක් පවත්වාගන්නා ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.

වෙළෙඳ කලාප , කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා ආදිය සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ දිගට ම ක්‍රියාත්මක කළයුතු බවට ද තීරණය වී ඇත.

ඒ අනුව ඇඳිරි නීතිය සඳුදා සිට ඉවත්කොට නව වැඩ පිළිවෙල ක්‍රියාවට නගන බව කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *