කොවිඩ් පොකුර 9092 ට නගී ; ඊයේ දිනට 383 යි

 

මිනුවන්ගොඩ පෑලියගොඩ ලෙස හඳුන්වනු ලබන කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 9092 දක්වා ඉහල ගියේ ය.

ඒ ඊයේ දවසේ වාර්තා වූ රෝගීන් 383 දෙන සමග ය.

ඊයේ සවස් වන විට රෝගීන් 283ක් හමු වී තිබු අතර රාත්‍රී වනවිට තවත් 170ක් වාර්තා වී ය.

ඔවුන් සියලු දෙනා ද මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයි බව සඳහන්.

එසේම මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුරෙන් මෙතෙක් හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 9092ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *