ලුන් බැලුනය කඩා නොවැටුණු බව ගූගල් සමාගම කියයි

ශ්‍රී ලංකා අහසේ පරීක්ෂණයක යෙදුනු ගූගල් ලුන් බැලුනය දකුණු පළාතේදී බිම සිට කල සන්නිවේදන පර්යේෂණයකින් පසුව ගම්පොල ප්‍රදේශයේ ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක ට ආරක්‍ෂිත ලෙස ගොඩ බැස්වූ බව ගූගල් සමාගමේ උප සභාපති හා ගූගල් ලුන් ව්‍යාපෘති ප්‍රධානි මයික් කසිඩ් මහතා නිවේදනය කොට ඇත . ඉදිරි දිනවල තවත් බැලුන දෙකක් ශ්‍රී ලංකාවේ ගුවනේ පර්යේෂණ කටයුතු සදහා යොදවන බවද එම නිවේදනයේ  සදහන්ය . ලුන් බැලුනය ගොඩ බැස්සවීමට  ගම්පොල ප්‍රදේශය තෝරාගත්තේ ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලක අංශවල උපදෙස් අනුව බවද එහි සදහන්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *