පුර්ව නිගමන මත ගිවිසුම්වලට විරුද්ද වීම අමනොඥ ක්‍රියාවක් – වරලත් ඉංජිනේරු සරත් ජයකොඩි
සිදු නොවී තිබෙන දෙයක් පිළිබඳව තර්ක කිරීම කාලය කා දැමීමක් නොවේද? රටෙහි ආර්ථිකය දියුණු කිරීම සඳහා අවශ්‍ය බලය ජනතාව විසින් තමන් පත් කරන ලද ආණ්ඩුවට ලබා දී තිබේ. ඒ සඳහා සුදුසු යයි හැඟෙන ක්‍රියාමාර්ග ගැනීමේ ආණ්ඩුවට ඇති බලයට අභියෝග කිරීමේ කොතෙක් දුරට නිවැරදිද?
අනෙක ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග ගිවිසුම් වලට එකඟ වීමේ බලය වසර පහක් සඳහා ජනතාව විසින් ලබා දී ඇත. ගිවිසුමක් යනු ලියවිල්ලක් පමණි. එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා නීති නිර්මාණය කර ඒවා ක්‍රියාත්මක කල යුතුව ඇත. ගිවිසුමක යථාර්තය පැහැදිලි වනුයේ එම ගිවිසුම මහා පොලොව මත ක්‍රියාත්මක වන විට පමණි.
ඕනෑම ගිවිසුමකට එම ගිවිසුමෙන් ඉවත් වීමේ පරිපාටිය ඇතුලත් විය යුතුය. මොන යම් හේතුවකින් හෝ ගිවිසුමේ එක පාර්ශ්වයකට එම ගිවිසුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී අවාසි සහගත හෝ ප්‍රායෝගිකත්වයෙන් තොර බව වැටහේ නම් එම ගිවිසුමෙන් ඉවත් වීමේ නෛතික අයිතිය තිබේ.
මෙයට හොඳම උදාහරණය විවාහ ගිවිසුමයි. විවාහයෙන් පසු තමනට දාව දරුවන් බිහි වුනද, දික්කසාද වීමේ අයිතිය දෙපාර්ශ්වයටම හිමිය.
එසේ තිබියදී, මෙම ඉන්දු – ලංකා , පකිස්ථාන – ලංකා, බංගලාදේශ – ලංකා හෝ ඕනෑම ගිවිසුමකට මෙම ඉවත්වීමේ වගන්තිය ඇතුලත් කිරීමේ අපහසුවක් තිබේද?
මනඃකල්පිත තර්කයක සිට මෙතරම් ගැඹුරු කරුණක් පුර්ව නිගමන මත තීරණය කිරීමට පෙලම්බීමම කෙතරම් අමනොඥ ක්‍රියාවක්ද? මේකද දේශපාලන පරිනතභාවය කියන්නේ?
සරත් ජයකොඩි