අපි හදාගෙන තියෙන්නේ ලෝකෙම නැති ප්‍රශ්න ; විසදන්න වෙන්නෙත් ලෝකේ නැති ක්‍රමවලට – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

michael-fernando photo - 1
හැම දේශපාලන පක්‍ෂයක්ම  අපි අද මුහුණ දෙන ප්‍රශ්න ඇති කිරීමට වගකිව යුතුයි.  ඔවුන් යම්කිසි අන්දමකින් දායක වෙලා තියෙනව. ඒ නිසා ඔවුන් ඉදිරිපත්විය යුතුයි. ඒ වගේම දෙමළ නායකයිනුත් වගකිව යුතුයි. ඔවුනුත් ජාතික ප‍්‍රශ්නය යොදා ගත්තා ඔවුන්ට බලයට පත් වීම සඳහා.

වෙනසක් සඳහා ඇති කරගන්නා ලද යහපාලන රජයේ ප‍්‍රධාන පොරොන්දුවක් වූවේ, පවතින ඒකාධිපති ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙනෙන බවයි. එය සාධනීය ලෙස ඉටුකෙරෙන බවක් පෙනෙන්න් තියෙනවද?

2015 ජනවාරි 8 වෙනිදා සිදුවූ වෙනසින් පසු රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සිය ජනාධිපතිතනතුර අහිමිවී, නව ජනධිපතිවරයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්වීමත්, අගෝස්තු මාසයේ මහ මැතිවරණයෙන් යහපාළනය සඳහා වූ කණ්ඩායම ජයගැනීමත් සමග රටේ යහපත් පරිවර්තන රැුසක් ඇති වුණා. එයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදෙන අලූත් ව්‍යවස්ථාවක් හදාගැනීමේ පොරොන්දුවක් දී තිබුණා. ඒ පිළිබඳ බලාපොරොත්තු සහගත තත්ත්වයක් තියෙනව. ඒ ගැන පත්කරන ලද මණ්ඩලයක් දිවයින පුරා යමින් ජනතා අදහස් දැනගැනීමේ කටයුතුවල නිරත වෙනවා.

අල් හසන් කුමරුගේ ගිනි සිසිලු් වුණේ ඇයි?

එක්සත්ජාතීන්ගේ සංවිධානයේ, මානව හිමිකම් කොමිසමේ සභාපති අල් හසන් කුමරු පැමිණ ආපසු ගියා. ඔහුගේ පැමිණීම ආන්දෝලානාත්මක, උණුසුම් සිද්ධියක් බවට පත්වුවත්. ඔහු පැමිණ කළ ප‍්‍රකාශයන් අනුව ඒ උණුසුම මැකී ගියා නේද?

මෑතදී පැමිණි එක්සත්ජාතීන්ගේ සංවිධානයේ, මානව හිමිකම් කොමිසමේ සභාපති අල් හසන් කුමාරයා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අවබෝධයකිනුයි එන්න ඇත්තේ. තෙදින සංචාරයකින් පසු කරන ලද ප‍්‍රකාශයකින් ඒක තහවුරු වුනා. ලංකාවේ පෙර තිබුණු අධිකරණය ස්වාධීන නැති නිසා, විදේශ විනිශ්චකාර වරුන්ගේ සහය අවශ්‍යයි කියල කිව්වට, දැන් තියෙන අධිකරණය ස්වාධීනයි කියල ඒ ගොල්ල පිළිගන්නව, ඒ නිසා ලංකාවෙ ස්වෛරීත්වයට බාදාවක් නොවන විදිහට මේ පරීක්‍ෂණ කිරීම යුක්ති සහගතයි කියල ඔහු ප‍්‍රකාශකලා.
යුද්දෙ දිණුවට පස්සෙ සද්දෙ නවත්තල මුල අමතක කෙරුව

නව ව්‍යවස්ථාවකින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරනවා කියූ පමණින්ම ඔවුන් සැහීමකට පත්වෙයිද? ඔවුන් දීඝ_ කාලයක් සාධාරණය ඉල්ලා යුධ වැදුන කණ්ඩායමක්.
තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය ඇතිවුණේ මේ රටේ සුළු ජාතීන්ට එක්දහස් නවසිය තිස් ගණන්වල සිට අසාධාරණකම් නිසාත්, 1983 දී ඇති වූ ඝාතන රැුල්ලත් නිසා තමයි උතුරේ සන්නද්ධ අරගලයක් පටන් ගත්තෙ. මුලින් තමන්ගේ ජන කොට්ඨාශයට විමුක්තියක් සඳහා සටන ආරම්භ කෙරුවත් පසුව එක්තරා විදිහක ඒකාධිපති ස්වරූපයක් ගත්තා. ඒ ගොල්ල රජය එක්කලා සමාදානයකට ඇවිත් එක`ගතාවයකට එන්න තිබූ අවස්ථා මග හැරියා. ඒ නිසා ඔවුන්ව යුධමය වශයෙන් පරාජය කරන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේ දී රජය මුළු ලෝකෙන්ම ආධාර ඇතිව තමයි මේ ජයග‍්‍රහණය කෙරුවේ. නමුත් සටන ජයගත්තට පස්සෙ  ජාත්‍යන්තරය අමතක කෙරුවා. සුළු ජාතීන් කොන් නොකරන්නැයි යන ඔවුන්ගේ කීමට ඔහු අහුන්කන් දුන්නෙ නැහැ.

බෑංකීමුන් ලංකාවට ඇවිත් හිටපු ජනාධිපති සමග ගිවිසුමකට එළඹුණා. නමුත් ඒ එකක්වත් ක‍්‍රියාත්මක කෙරුවෙ නැහැ. ඒ වගේම ජාතික ප‍්‍රශ්න මොනවද කියල හොයල බලලා, ඔවුන් ද මේ රටේ සම අයිතිවාසිකම් තියෙන පුරවැසියන් බවට පත් කරන්න උත්සාහ කළේ නැහැ. උතුරේ   විශාල හමුදාවක් රඳවාගෙන ඉන්නවා. ඔවුන් උතුරේ වැසියන්ගේ බිම්වල ගොවිතැන් කරනව. ඔවුන්ගේ ප‍්‍රදේශයේ වෙළඳාම් කරනව. ඒක ජන ජීවිතයට ලොකු කරදරයක්.

ඒ වගේම සිංහල සහ මුස්ලිම් ගැටුමකුත් නිර්මාණය වී, මුස්ලිම් අයට විරුද්ධව කළ අප‍්‍රකාශිත සටනකින් තවත් දුරටත් තත්ත්වය නරක්වීමක් සිදුවුණා. එය සිදු වුනේ. 2013 සිදු වූ අලූත්ගමදී පහර දීමත් සමග. ඉන්පසුවත් මුස්ලිම් ජනතාවගේ දේපල ගිනි තැබීම ආදී දේවල් සිදු වුනා. දැන් සාමදානයක් ඇතිකර ගත යුතුයි. සාමදානයක් ඇති කර ගැනීමේදී අපි දෙගොල්ල, තුන්ගොල්ලම එකතුවෙලා සිදු වූ වැරදිවලට සමාව ඉල්ලා සිටිය යුතුයි. ඒ වගේම සමාව දිය යුතුයි. වරද පිළිගැනීම, සමාව ඉල්ලීම, සමාව දීම, විසඳුමකට ඒම කළ යුතුයි.
චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ද්‍රවිඩ ජනතාවගෙන් සමාව ඉල්ලලා තියෙනව. ‘‘ද්‍රවිඩ ජනතාවට අසාධාරණයක් සිදු වූවා නම්, සමාවෙන්න’’ කියල. එය අගය කළ යුතුයි. එක්සත් ජාතික පක්‍ෂය තවම සමාව ඉල්ලලා නැහැ. එක්සත් ජාතික පක්‍ෂයත් එසේ සමාව ඉල්ලිය යුතුයි.

සමහරුන්ගේ ස්වාමිපුරුෂයා නැතිවුණා. භාර්යාවන් නැතිවුණා. දරුවන් නැති වුණා. දෙමාපියන් නැති වුණා. ඒ වගේම ස්ත‍්‍රී ¥ෂණ සිදු වුණා. නොයෙකුත් අපරාධ සිද්ධ වුණා. ඒවා වෙනම අරගෙන. යුද්ධයට අනුකූල නැති දේවල්වලට නීතිමය වශයෙන් විසඳුම් ලබා ගත යුතුයි. අලාභ සිදු වූ අයට වන්දි ලබා දිය යුතුයි. ලංකාවේ හැම දේශපාලන පක්‍ෂයක්ම මේ තත්ත්වය ඇති කිරීමට වගකිව යුතුයි.  ඔවුන් යම්කිසි අන්දමකින් දායක වෙලා තියෙනව මේ තත්ත්වය ඇති කිරීමට. ඒ නිසා ඔවුන් ඉදිරිපත්විය යුතුයි. ඒ වගේම දෙමළ නායකයිනුත් වගකිව යුතුයි. ඔවුනුත් ජාතික ප‍්‍රශ්නය යොදා ගත්තා ඔවුන්ට බලයට පත් වීම සඳහා.

1983 දී කළ පහරදීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම, සංවර්ධන සභා ඡුන්දය කඩාකප්පල් කිරීම වැනි වරදි කළ අය ඒ වැරදිවලට සමාව ඉල්ලිය යුතුයි. මෙය අප විසින් බේරාගත යුතු ප‍්‍රශ්නයක්. (මේවාට සම්බන්ධ සමහරක් අය අද ඇමතිවරුන් වශයෙනුත් ඉන්නවා.* ඒ නිසා පිටින් සහභාගීවීම අවශ්‍ය නැහැ. මගේ පුද්ගලික අදහස ස්වාධීන අධිකරණයක් පිළිබඳ අත්දැකීම් තියෙන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙන් නිර්දේශ කරන අය මේවා නිරීක්‍ෂණය කිරීම හොඳ දෙයක්.  ලංකාවේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව, රටේ ස්වෛරීභාවයට හානියක් සිදු නොවන පරිදි තමයි පවතින ව්‍යවස්ථාවට අනුකූලව සිදුවිය යුත්තේ.

අමාත්‍යාංශ රැුසයි. ඒත් වැඩක් නොකෙරයි

වත්මන් රජය ජාතික ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ ගන්න බවක් පේනවා. ඒ සඳහා අමාත්‍යාංශ රැුසක්, ආයතන රැුසක් තියනවා. ඒත් යමක් කෙරෙව බවක් නම් පෙන්න නැහැ.
මේ යුගයේ ජාතික සමගියක් සඳහා ආයතන රාශියක් තියෙනව. මනෝ ගනේෂන් ආමාත්‍යවරයා යටතේ ජාතික සංවාද පිළිබද අමාත්‍යාංශ්‍ය තියෙනව. තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් තියෙනව, ජාතික සමගිය සඳහා අමාත්‍යාංශය කියලා. කියලා ෆවුසි මහත්තයා යටතෙ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යටතේ වෙනම ඒකකයක් තියෙනව. එයට අමාත්‍යාංශ බලතල ඉක්මවා ගිය බලතල තියෙනව. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයටත් සමහර කටයුතු පවරල තියෙනව. මේ අය අතර සම්බන්ධීකරණයක් නැහැ. ඔවුන් තමන් තීරණය කරන දේවල් ක‍්‍රියාත්මක කරනව මිසක් ප‍්‍රතිපත්තියක් නැහැ. කොපමණ ආයතන තිබුණත් ජාතික සමගිය සඳහා ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. රජය මැදිහත් වී සියලූ දෙනාම එකතුකර එක ප‍්‍රතිපත්තියකට පැමිණිය යුතුයි. වැඩ පිළිවෙලක් සහිතව මෙය කි‍්‍රයාත්මක විය යුතුව තියෙනව. අපේ සංස්කෘතියෙම තියෙනව සමානාත්මතාවට ගරු කිරීම පිළිබඳව. එහි සඳහන් වෙනව සමානාත්මතාව පිළිබඳ ප‍්‍රතිපත්තියේ පිහිටනවා කියල.
පැලැස්තර වැඩක් නැත අලූත් එකක් අවශ්‍යව ඇත

එතකොට දැන් සිදුවෙමින් පවතින්නේ පවතින ව්‍යවස්ථාව සංසෝධනය කිරීමේ කටයුත්තක් ද, නැතිනම් අලූත් ව්‍යවස්ථාවක් නිර්මානය කිරීමේ කටයුත්තක්ද?

සම්පූර්ණ අලූත් ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි. සම්පූර්ණ අලූත් ව්‍යවස්ථාවක් නැතුව වත්මන් තත්ත්වයට ගැලපීමක් ඇති වෙන්නෙ නෑ. තිබුණු එක විධායක ජනාධිපති ක‍්‍රමයට අනුකූල ව්‍යවස්ථාවක්. විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ විධායක ජනාධිපතිට බලතල රාශියක් තියෙනව. අධිකරණයට, ව්‍යවස්ථාදායකයට මේ සේරටම ඉහළින් හිටියෙ විධායකය. රටේ නීතියට පවා යටත් නෑ. පළාත් සභා පිහිටුවීම, විසිරවීම වැනි සේරම බලතල තිබුණේ එයට. එසේ විධායකයට බලතල ලබා දෙන ව්‍යවස්ථාවක් සංසෝධනය කර අදට ඔබින ලෙස වෙසන් කරන්න බැහැ.
විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරනවා නම් අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එපමණක් නොවෙයි. පසුගිය අවුරුදු 40 ක පමණ කාලයක මුළු ලෝකය පුරාම ඇති වී ඇති ආර්ථික, දේශපාලන සමාජික හා සංස්කෘතික වෙනස් කම් එක්ක බලනකොට බොහෝ රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දැනටමත් යල් පැනල. උදාහරණ විදිහට කියනව නම් සමාජවාදී ක‍්‍රමය බිඳවැටිල. නව ලිබරල් ආර්ථික ක‍්‍රමය (විවෘත ආර්ථිකය* කියන එකත් දැන් බිඳවැටිල.  ආර්ථිකයට රාජ්‍ය මැදිහත්වීම කියන එක අද පිළිගත්තු දෙයක් වෙලා තියෙනව. සංසෝධනයට පෙර තිබුණ ව්‍යවස්ථාව හදලා තියෙන්නෙ රාජ්‍යට ඇ`ගිලි නොගසන හා සම්පූර්ණයෙන්ම ධනේශ්වර ක‍්‍රමයට විවෘතව කටයුතු කරන්න ඉඩහරින ව්‍යවස්ථාවක හැටියට.
මේ කාලයට ගැලපෙන ව්‍යවස්ථාවක් හදා ගැනීමට අපිට ස්වර්ණමය අවස්ථාවක් ලැබිල තියෙනව කියලයි මට හිතෙන්නෙ. මෙය විරල අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරගැනීමට, නීතියේ පාළනය ඇතිකර ගැනීමට සමානාත්මය ඇති කරන්න. ජාතික සමගිය ඇති කරන්න පුළුවන් විදිහේ අලූත් ව්‍යවස්ථාවක් අප විසින් ඇති කරගත යුතුයි.

අපේ රටේ පරිපාලනයේ ලොකු අවුලත් තියෙනව. මධ්‍යම ආණ්ඩුවට අමතරව පළාත් සභා තියෙනව. පළාත් පාලන ආයතන තියෙනව. මේ ආයතන මේ ආයතන රටේ පාළනයට සම්බන්ධ කරගන්නවද යන සැකය තියෙනව. මේ අයතනවලට මුදල් නෑ. බලතල නෑ. බලතල තියන වැඩ කරන්න මුදල් නෑ. මෙය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි. මෙය පැලැස්තර අලවලා කරන්න පුලූවන් දෙයක් නෙමෙයි.

සේරටම කලින් පොලීසිය පොලිස් කළ යුතුයි

බලතල බෙදීමේ ප‍්‍රශ්නයේදී අන්තිමට ගැටළුවක් වන්නේ ඉඩම් හා පොලිස් බලතල එහිදි ගත යුතු පියවරය කුමක් ද? ඉඩම් හා පොලිස් බලතල පළාත් ආයතනයන්ට දිය යුතුද? මධ්‍යම රජය විසින් තබාගත යුතුද?

පොලිස් බලතල හා ඉඩම් බලතල පිළිබඳව අපේ බොහෝ දෙනෙකුට තියෙනනේ අනවබෝධයක්. රටේ සියලූම ඉඩම් මධ්‍යම රජයට තමයි අයිති. නමුත් ඒ ඒ පළාත්වල පදිංචි කිරීම, ඉඩම් ලබා දීම වගේ බලතල පළාත් ආයතනවලට 13 වන සංසෝධනයෙන් දීල තියෙනව. මෙතෙක් කල් ඒ හැමදෙයක් සමගම අවසාන තීරණය ජනාධිපති තුමා ගන්න ක‍්‍රමයකුයි තිබුණෙ. ජනාධිපති ක‍්‍රමය වෙනස් වීමත් සමගම ඒවා වෙනස් වෙනව. ‘‘ඉඩම් කොමිසමක් තියනව නම් පළාත් සභාවලට ඉඩම් බලතල දුන්නා කියල කිසි ප‍්‍රශ්නයක් වෙන්නෑ’’ කියල කියන්න පුලූවන්. පොලිස් බලතල ගැන කතා කිරීමේ දී රටටම එක පොලීසියයි තියෙන්නෙ. එක පොලිස්පතියි ඉන්නෙ. නමුත් මධ්‍යම පොලීසිය හා පළාත් පොලීසිය කියල දෙකක් තියෙනව. නමුත් මේ හැම දෙනාම පොලිස්පති වරයාගේ පාළනයට යටත්. පොලිස් බලතල පළාත් සභාවලට දීමේ කිසිම වරදක් මටනම් පෙනෙන්න නැහැ.

අපේ රටේ මිනිසුන්ගෙ ඉඩම් සහ පොලිස් කිව්වම ලොකු බයක් තියෙනව. (මිනිස්සු පරම්පරා ගණනක් ඉඩම් බෙදා ගන්න නඩුත් කියනවනෙ.* පොලීසිය කිව්වම මිනිස්සු හිතන්නෙ මිනිස්සු මරණ, පහර දෙන, ඉතා දරුණු එකක් කියල. පොලිස් බලතල දෙනව කිව්වම මිනිස්සු හිතන්නෙ පළාත් සභාවලට මිනිස්සු මරන්න අවසර දෙනවා කියන එකයි. නමුත් පොලීසිය කියන්නෙ නීතිය හා සාමය පවත්වාගෙන යන ආයතනයක්. පොලීසිය ප‍්‍රතිසෝධනය කරල, පොලිසිය ගැන තියෙන ආකල්ප වෙනස් කළ යුතුයි. නීතිය හා සාමය ඇති කරන පොලීසියක් ඇති වුණහොත් කිසි ගැටලූවක් ඇති වෙන්නෙ නැහැ.

ෆෙඩරල් කිව්වම බයයි තමයි

ජනාධිපති තුමා කියනව ෆෙඩරල් කිව්වම දකුණ බයවෙනවා. ඒකීය කිව්වම උතුර බය වෙනව කියල. මොකක්ද දෙපිරිසක් ත‍්‍රස්ත කරන ක‍්‍රමදෙක?

ෆෙඩරල් කිව්වම මිනිස්සු බයයි කියන එක ඇත්ත. ෆෙඩරල් කිව්වම මිනිස්සු ත‍්‍රස්ත කරන වචනයක් විදිහටයි සමාජ ගත වෙලා තියෙන්නෙ.  දැනටත් ලංකාවේ තියෙන්නෙ ෆෙඩරල් ක‍්‍රමයක් කියල කියන්න පුළුවන්.  ෆෙඩරල්ද, ඒකීයද කියන ප‍්‍රශ්නය මෙතැනදි වැදගත් නැහැ. නීතියේ පාළනය ඇති කරගත හැකි, සමානාත්මතායව ඇති කරන, ජාතික සමගිය ඇති කරන, සියලූම දෙනාට රජයේ පාළන කටයුතුවලට සහභාගී වීමට හැකි ක‍්‍රමයක් ඇති වෙනව නම්, මේ ප‍්‍රශ්න රැුසකට විසඳුම් ලැබෙනව. නව ව්‍යවස්ථාවෙන් කළ යුත්තේ ද එයයි.
හොඳම කෙනා තමයි පත්වුණේ

නව නීතිපතිවරයාගේ පත්වීම පිළිබඳව තිබුණ ආන්දෝළනය නිම කරමින් නව නීතිපතිවරයා ලෙස ජයන්ත ජයසූරිය පත්වෙලා තියෙනව. ඔහු වඩාත්ම සුදුසු පුද්ගලයාද? ඔහුට වඩා ජ්‍යේෂ්ඨයින් සිටියදී මේ පත්වීම කළ බවට නගන චෝදනාව පළිබඳ ඔබේ අදහස?

පසුගිය කාලයේ තිබූ නීතිපති දෙපාර්ථමේන්තුව පිළිබඳ නොයෙකුත් චෝදනා තිබුණ. පරීක්‍ෂණ පවත්වා නිම වූ ලිපි ගොණු 20 කට වැඩි සංඛ්‍යාවක් තිබුණ. නමුත් එම ලිපි ගොණු පිළිබඳ කිසිම තීරණයක් අරගෙන තිබුණෙ නැහැ. ඉතින් ඒ පිළිබඳ අවධානය යොමු කර නව නීතිපතිවරයෙකු පත්කර ගැනීමේ උවමනාව තිබුණ. ජනාධිපතිවරයා ව්‍යවස්ථා මණ්ඩලයට නම් තුනක් යෝජනා කරල එවල තියෙනව. එවිට ව්‍යවස්ථා මණ්ඩලය ජනාධිපතිවරයාට දන්වල තියෙනව එක නමක් යෝජනා කරල එවන්න කියල. එවිට ජනාධිපතිතුමා විසින් ජයසුරිය මහතාගේ නම තමයි යෝජනා කර එවල තියෙන්නෙ.

මෙතෙක් අප ලබා ඇති අත්දැකීම් අනුව, අපක්‍ෂපාත, නිතිය හරියට ක‍්‍රියාත්මක කරන, කාර්යක්‍ෂම කෙනෙක් පත්කරගන්න  ඕන කම පෙනෙන්න තිබුණ. සුහද ගම්ලත් මහතා පිළිබඳ සමහර ප‍්‍රශ්න තියෙනව. එහෙම ප‍්‍රශ්න තියෙන අය පත් කරගන්න කිසි උවමනාවක් නැහැ. පැහැදිලිවම සිය කාර්යය හරියටම කරයි කියන බලාපොරෝත්තුව තියෙන පුද්ගලයෙක් පත් කිරීමේ වැරැුද්දක් කියන්න බැහැ. අවශ්‍ය සුදුසුකම් ජ්‍යෙෂ්ඨත්වය ඔහුට තියෙනව. මා සමග මේ පිළිබඳව කතා කරපු නීතිඥ මහත්වරු ඇතුළු බොහෝ දෙනෙක් කිව්වේ, මේ දෙන්නගෙම වැරැුද්දක් නැහැ. ජයන්ත ජයසූරිය මහතා වඩාත් සුදුසුයි කියන එක තමයි බොහෝ දෙනෙක් කිව්වෙ.

ඉන්දියාවේ ජාතික ගීතය ගයන්නෙ බෙංගාලි බසින්

ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම පිරිසකට හිත රිදවන දෙයක් වෙන විට, තවත් පිරිසක් අභිමානයට පත්වෙන දෙයක් බවට පත්වුණා. සිංහලයි බෞද්ධයි කියල කියාගන්නා පිරිසකගෙ හැ`ගීම වුණේ ‘‘සිංහලයා ඉවරයි. අපි දෙමළට යටත් වුණා’’ වගේ හැ`ගීමක්.

එහෙම හැ`ගීම්ක් සියළු සිංහල බෞද්ධයන්ගෙ ඇති වුණා කියල කියන්න බැහැ. සමහරුන්ගෙ එහෙම ඇති වෙන්න ඇති. ලංකාවට වඩා ඉතා විශාල ජනගහණයක් ඇති ඉන්දියාවේ ප‍්‍රධාන භාෂාව හින්දි භාෂාවයි. එහෙත් ඉන්දියාවේ ජාතික ගීතය ගායනා කරනනේ සුළු ජන කොටසකගේ භාෂාව වන බෙංගාලි භාෂාවෙන්. ඔවුන් ඒක ප‍්‍රශ්නයක් කරගෙන නැහැ. ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් දෙමළ ජනතාවට විශේෂ ආඩම්බරයක් හෝ ආදරයක් හෝ අභිමානයක් වැනි හැ`ගීමක් ඇති වෙනවා නම් ඒකයි වැදගත්. සංඛ්‍යාවෙන් විශාල ජාතියට කිසිම හීනමානයක් ඇතිවිය යුතු නැහැ ජාතික ගීතය මේ රටේ තවත් භාෂාවකින් කිව්ව කියල. ඒ තනුවමයි. ඒ අර්ථයමයි.

එකක් මොකටද? මේ තියෙන්නෙ දෙකක්ම – හැමෝටම එකයි අපිට විතරක් දෙකක් ඇයි?

සමහරු නගන තර්කය තමයි, ‘‘ලෝකේ හැම රටකටම තියෙන්නෙ එක ජාතික ගීතයක් පමණයි. අපේ රටේ විතරක් භාෂා දෙකකින් ජාතික ගීතය ගායනා කිරීමට අවශ්‍යද? කියන කරුණ.

ලෝකේ කිසිම රටකට නැති ප‍්‍රශ්නයක් අපි ඇති කරගෙන තියෙනව. එහෙමනම් ඊට සරිලන විසඳුමකුත් අපිට තිබිය යුතුයි. ලෝකෙ සේරම රටවලට එක ක‍්‍රමයක් හදන්න බැහැනේ. ඒ රටේ අවශ්‍යතාවයන්ට අනුවයි ඒ ක‍්‍රියාමාර්ග ගත යුත්තේ.

විපක්‍ෂ නායක සම්පන්දන් ගේ දෑසට කඳුළු ඉණුවා කියලා තිබුණා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයෙද්දී. උතුරෙ මහ ඇමති විග්නේෂ්වරන් ගොඩක් සතුටු වෙලා නාග විහාරෙට ගිහින් මල් පූජා කරල සතුට ප‍්‍රකාශ කරල තිබුණ. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම අද ඊයේ වුණ දෙයක් නෙමයි. මෙය පරිවර්තනය කරල තියෙන්නෙ 1948 දී. ප‍්‍රථම නිදහස් උත්සවයේදී දෙමළ බසින් ගායනා කරලත් තියෙනව. වාසුදේව මහතා භාෂා ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයේ ඉන්න කාලේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කෙරුවා. අද වාසුදේව මහතා ජාතිවාදි කල්ලියක් සමග හිටියත්, ‘‘දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ වරදක් නැහැ’’ කියන ස්ථාවරයේ ඉන්නවා.

මනෝජ් රූපසිංහ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *