විසිවැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට විසිවැනි කොවිඩ් මරණය අද වාර්තා වූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවකි.

දියවැඩියාව සහ වමනය රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අය ඊයේ මියගොස් ඇත. ඇගේ පී සී ආර් පරීක්ෂණ වාර්තාව ලැබී අත්තේ අද උදේ බව කියති. එමගින් ඇය කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

මියගිය කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *