අද දවසට අලුත් රෝගීන් 633 යි; පොකුර 7346 ට නගී ;සමස්තය 10,434 යි

අද දවස තුළ අලුතින් කොවිඩ් ආසාදිතයින් 633 දෙනකු හඳුනාගනු ලබා ඇත. සවස් වනවිට 314ක් වාර්තා වී තිබු අතර රාත්‍රී 10.00 වනවිට තවත් 319ක් හඳුනාගත් බව වාර්තා වීය.

ඒ අනුව මිනුවන්ගොඩින් ආරම්භ වූ පොකුර මේ වනවිට 7346 ක් දක්වා ඉහල ගොස් ඇත.

දිවයිනෙන් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 10,434 ක් වෙයි.

මේ අතර කොළඹ මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ ගම තුනක් සහ කුරුණෑගල තවත් ගමක් හුදෙකලා කරන බව රජය අද සවස නිවේදනය කොට ඇත .

මිරිහානේ හුදෙකලා කොට ඇත්තේ වෙල්සිරිපුර, රාහුලපුර, සහ ප්‍රගතිපුර යන ගම තුනයි. මෙම ගම පිහිටා ඇත්තේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයට නොදුරිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *