කොළඹ නගර සභා සීමාවෙන් රෝගීන් 1150 ක් හමුවෙලා – නගරාධිපතිනි රෝසි සේනානායක

කොළඹ නගර සීමාව තුලින් කොවිඩ් 19 ආසාදිතයින් 1150 ක් සොයාගෙන ඇති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කරයි. මෙම සඛ්‍යාව හමු වී ඇත්තේ පසුගිය දින 8 ක කාලය තුළ දී ය.

මෙලෙස කොළඹ නගර සභා සීමාව තුළ කොවිඩ් ව්‍යාප්ත වීම නිසා එයට මුහුණදීමට නිරෝධායන මධ්‍යස්ථාන 35ක් සුදානම් කිරීමට තීරණය කොට ඇති බව නගරාධිපතිනිය කියයි.

කොළඹ නගර සභාව සතු සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි 35 ක් මේ සඳහා යොදාගන්නා  බව එතුමිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මෙම බරපතළ තත්ත්වය කොළඹ නගරය තුළ උදා වී ඇත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුර විශාල ලෙස පැතිරීමත් සමග ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *