දැන කොවිඩ් 19 පොකුරු පහක් හැදිලා ; තත්ත්වය භයානකයි – වෛද්‍ය නිලධාරෙන්ගේ සංගමය

මෙරටින් සොයගත් කොවී 19 පොකුරු සංඛ්‍යාව පහක් දක්වා වර්ධනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .

මිනුවන්ගොඩ සහ පෑලියගොඩට අමතරව අගලවත්ත, කුලියාපිටිය සහ කහතුඩුව ප්‍රදේශයේ ද අලුත් පොකුරු නිර්මානය වී ඇති බව එම සංගමය කියයි .

පෑලියගොඩ පොකුර බඳු තවත් එක පොකුරක් වර්ධනය වුවහොත් තත්ත්වය පාලනය කළ නොහැකි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් අද ප්‍රකාශ කළේ ය.

මේ අතර, රට පුරා ආසාදිතයින් හමුවෙමින් පවතින අතර දිනකට හමුවන රෝගී සංඛ්‍යාව 500ක් ඉකමව ගොස් ඇත.

මේ වනවිට දිස්ත්‍රික්ක 24 කින් ආසාදිතයි වාර්තා වූ බව වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, රජය කියන්නේ රෝගයේ සමාජීය පැතිරීමක් තවමත් නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *