තවත් කොවිඩ් ආසාදිතයෝ 414ක් අද හඳුනාගැනෙති ; පොකුර 6000 පනී ; සමස්තය 10,000 ආසන්නයේ

රටපුරා පැතිරෙන පොකුරට සම්බන්ධව අද (29) දින මේ වනවිට  තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 352ක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 62 නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 6145 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 9,619 ක් වන අතර ඉන් 5,458 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට, 4,142ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *