බස්නාහිර පළාතට ඇඳිරිනීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට – පලාතෙන් පිටවීමත් තහනම්

කලින් නිවේදනය කළ පරිදි අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙයි. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වේ.

ඇඳිරි නීතියට පෙර හෝ ඇඳිරි නීති කාලයේ පලාතෙන් පිටතට ගමන් කිරීම ද සීමාකොට ඇත

කෙසේ වෙතත් මේ වන විටත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා දිනයෙන් පසුවත් නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන් හී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් අද (29) දින උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත වේ.

නොවැම්බර් මස 02වන දායින් පසුව, මීට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කයන් හී නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළෙඳසැල් සහ ඖෂධහල් සතියට දින 02ක් විවෘත කිරීමට කටයුතු කරනු ඇත.

අද මැදියම් රැයේ සිට එළැඹෙන සඳුදා අලුයම දක්වා බස්නාහිර පළාත තුළ වෙළෙඳ ,  ප්‍රවාහන ඇතුළු පොදු කටයුතු කිසිවක් සඳහා අවසර හිමි නොවන නමුත් උසස් පෙළ සිසුන්ට එළැඹෙන සෙනසුරාදා විභාග මධ්‍යස්ථානවලට පැමිණ විභාගයට මුහුණදීමට බාධාවක් නැතැයි විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මේ අතර කොවිඩ් – 19 ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් හුදකලා කර තිබූ බදුගම නව ජනපදය හැර කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සෑම ප්‍රදේශයක්ම යළි විවෘතකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *