විපක්ෂයෙන් නෙරපූ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයෙන් අසුන් පනවන්නැයි ඉල්ලයි

පක්ෂ විනය කඩ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ඡන්දය දුන්  සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපා හැරිය බවට දැක්වෙන ලිපියක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත යොමුකර තිබේ.

ඒ අනුව අදාල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙසයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයගෙන් ඉල්ලා ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත යොමුකර තිබෙන ලිපිය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *