ගූගල් ලුන් බැලුන් පහක් මීටපෙර කඩා වැටිලා

loonගූගල් සමාගමේ ගූගල් ලුන් ව්‍යාපෘතිය මගින් ගුවන් ගත කළ බැලුන් පහක් මීට පෙර කඩා වැටි ඇති බවත් ඒ සියල්ල අනතුරු අඩු ස්ථානවලට යොමු කොට ඇති බවත් අන්තර්ජාල වාර්තා කියයි .

මින් පළමු බැලුනය කඩාවැටී ඇත්තේ ඇමෙරිකාවේ වොශින්ටනය අසල එතරම් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයකටය .2014 මැයි මාසයේදී එම සිදුවීම වාර්තා වීය . එම අවස්ථාවේ බැලුනය විදුලි රහනක පැටලීම නිසා ප්‍රදේශයේ විදුලි ඇනහිටීමක් සිදුවී ඇත .

2014 ජුනි 20 දින දෙවන බැලුනය කඩාවැටීම වාර්තා වුයේ නවසීලන්තයේ කුඩා නගරයක් අසලදීය .එම වසරේ නොවැම්බරයේ තවත් බැලුනයක් දකුණු අෆ්රිකාවේ කාන්තාර ප්‍රදේශයකට කඩා වැටිණි .2015 අප්‍රේල් 23 දින තවත් බැලුනයක් කදවටුනේ ඇමෙරිකාවේ මිසුරි ප්‍රාන්තයේ බ්‍රග් සිටි ප්‍රදේශයටය . 2015 සැප්තැම්බර් 12 දා කැලිෆෝර්නියාවේ චයිනා  හිල් ප්‍රදේශයට ද ගූගල් ලුන් බැලුනයක් කඩා වැටි ඇත .

මෙම කඩාවැටිම්වලදී ඒවා අනතුරු අඩු ප්‍රදේශ වෙත යොමුකොට ගොඩ බැස්සවීමේ හැකියාව ගූගල් සමාගම සතු බව අන්තර් ජාලයේ වාර්තා සදහන් කරයි .

ගූගල් සමාගම මෙලෙස ලොව වට යවන බැලුන් පාලනය කිරීම සිදුවන්නේ කැලිෆෝනියාවේ ,බ්‍රසීලයේ සහ නවසීලන්තයේ මධ්‍යස්ථානවලිනි  ශ්‍රී ලංකාවට ඒවා පසුව ගම්පොළට කඩාවැටුණු බැලුනය ගුවන්ගත කර ඇත්තේ හා පාලනය කලේ බ්‍රසීලයේ සිට ස්වයංක්‍රීය තාක්ශණය උපයෝගී කොටගෙනය .

දින විසි දෙකකින් ලොව වටා බැලුනයක් යවා ගූගල් සමාගම වාර්තාවක්ද තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *