|

අඩු වැටුපට ඉන්දියානුවන් ගෙනත් අපේ වැටුප් වැඩිකරන හැටි – සී ජේ අමරතුංග

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යන ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහිව මේ වනවිටත් වෘත්තීයවේදීන් අවි අමෝරාගෙන සිටින බව පෙනෙන්නට ඇත. එට්කා ලෙස හඳුන්වනු ලබන මෙම ගිවිසුම අත්සන් කළහොත් ලංකාවේ සේවයට ඉන්දියානුවන් බුරුතු පිටින් පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට රැුකියා නැතිවන තත්ත්වයක් ඇතිවන බවත් කියති. ඉන්දියාවේ අති විශාල රැුකියා විරහිත ප‍්‍රශ්නයක් තිබීමත් එරටෙහි අඩු වැටුප් මට්ටමත් නිසා මෙලෙස විශාල පිරිසක් නිදහසේ මෙරටට පැමිණ සේවයේ යෙදෙනු ඇතැයි බිය පළවී තිබේ.

ආණ්ඩුව කියන්නේ එලෙස  ඕනෑම කෙනෙකුට මෙහි පැමිණ සේවය කිරීමට අවස්ථා විවෘත නොකරන බවයි. පරිගණක සේවා ක්‍ෂේත‍්‍රයේත්, නැව් නිෂ්පාදන කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේත් ඇතැම් සේවා සඳහා ඉඩ ලබාදෙන බව කියති. ඒ එම අංශවල ශ‍්‍රම හිඟයක් ඇති බව හඳුනාගෙන තිබීම නිසාය. එමෙන්ම මෙම ක්‍ෂේත‍්‍ර ඉදිරි කාලයේ තවත් වර්ධනය කිරීමටද නියමිතය.

රජයේ විවේචකයන් කියන පරිදි ඉන්දියානුවන්ට නිදහසේ මෙරටට ඒමට ආණ්ඩුව දොරටු විවෘත කරනු ඇතැයි මොහොතකට හිතුවොත් ඊළඟ ප‍්‍රශ්නය වන්නේ එසේ කරන්නට ආණ්ඩුවට තිබෙන හේතුව කුමක්ද? යන්නයි. එසේ කළහොත් රටේ රැුකියා විරහිතභාවය වැඩිවීමත්, වෘත්තිකයන්ට රැුකියා අහිමිවීමත්, ආදායම් පහත වැටීමත් සිදුවනු ඇත. එහි ප‍්‍රතිඵලය මෙරට ආර්ථිකය කඩා වැටීමට ලක්වීමයි. එවිට ආණ්ඩුවටද ගෙදර යන්නට සිදුවන බව අනිවාර්ය වෙයි. මෙබඳු තත්ත්වයකට ඇතිවන විරෝධය සුළුපටු නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙම මෝඩ වැඩක් ආණ්ඩුව කරන්නේ අහවල් එකටද යන්න ප‍්‍රශ්නයකි.

ඉන්දියානු බලපෑම

සමහරු කියන්නේ මේ ආණ්ඩුව ඉන්දියානු බලපෑමට යටවී ඇති බවයි. එම බලයට යටත්වී කි‍්‍රයා කරන බවයි. එසේ වුවද මෙරට මුහුදු තීරයේ මසුන් අල්ලන ධීවරයන්ට වෙඩි තබන්නට අපට අයිතිය ඇතැයි කීවේ මේ ආණ්ඩුව බව අමතකවීම පුදුමයකි. පසුගියදා ලෝක බැංකු අධ්‍යයනයන් එළි දක්වන මොහොතේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේ අපි කලාපීය ආකල්පයෙන් මිදී කි‍්‍රයා කළ යුතු බවයි. ලෝකයටම විවෘත විය යුතු බවයි. මෙම කතාවම මීට පෙර ඒ මහතා ඉන්දියානු මාධ්‍යයටද ප‍්‍රකාශ කොට තිබිණි. කලාපීය ආකල්පයෙන් මිදීම කියන්නේ ඉන්දියාවට විශේෂයක් නොකරන්නේය යන්න බව තේරුම් ගැනීම අපහසු නැත. එසේ තිබියදී ඉන්දියාවට යටවීම ගැන කතාකිරීම විහිළුවකි.

ඇත්ත කතාව නම් මේ වනවිට ආණ්ඩුව තවත් රටවල් ගණනාවක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා සාකච්ඡුා ආරම්භ කොට තිබීමයි. පාකිස්තානය, චීනය හා රුසියාව සමග එබඳු සාකච්ඡුා ආරම්භ කොට ඇත. ”ෆැසිපික් රිම්” ලෙස හඳුන්වන ”ශාන්තිකර කලාපීය” වෙළෙඳ හවුලට සම්බන්ධවීම ගැනද ආණ්ඩුව සලකා බලමින් සිටින බවට වාර්තා ඇත. අන්‍යොන්‍ය වාසිදායක වෙළෙඳ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ විවෘතකර ගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබේ.

මෙම වෙළෙඳ ගිවිසුම් අතරින් ඉන්දියාව සමග ගිවිසුම ඉක්මන් වී ඇත. එයට හේතුව නම් දෙරට අතර දැනටමත් වෙළෙඳ ගිවිසුමක් පැවතීම නිසා දෙරටේ වෙළෙඳ හැකියාවන් ගැන අවබෝධයක් තිබීමත්, සේවක ගිවිසුම සඳහා කළ සාකච්ඡුාවලදී බොහෝ ප‍්‍රශ්න හඳුනාගෙන විසඳුම් සොයාගෙන තිබීමත් නිසාය.

කිසිම වැඩක් නැතිද

සමහරුන් කියන්නේ ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම්වලින් අපට කිසිම වැඩක් නැති බවයි. මේවා රටට අවාසිදායක ගිවිසුම් බවයි. මේ ගැන ෆිනෑන්සල් ටයිම්ස්හි පළවූ ලිපියක ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා කියන්නේ මෙය සම්පූර්ණයෙන්ම වැරදි ලෙස කරුණු විග‍්‍රහ කිරීමක් බවයි.

ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම අත්සන් කළේ 1998 දීය. කි‍්‍රයාවට නැගුණේ 2000 වසරේ සිටයි. ඒ වනවිට දෙරට අතර වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 545 කි. 2005 දී එය ඩොලර් මිලියන 2401 කි. 2014 දී ඩොලර් මිලියන 4,648 කි. දෙරට අතර වෙළෙඳාම වර්ධනය වී ඇත්තේ ඒ ආකාරයෙනි.

2000 වසරේදී ශ්‍රී ලංකාවෙන් යවන ඒකකයට ඉන්දියාවෙන් මෙරටට ආ ඒකක සංඛ්‍යාව එකොළහකි. එයද එකට හය දක්වා වෙනස් වී ඇත.

කෙසේ වෙතත් දෙරට අතර වෙළෙඳ පරතරය ශ්‍රී ලංකාවට අවාසිදායක ලෙස වැඩිවී ඇති බවට විවේචනයන් ඇත. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා කියන්නේ හැම රටක් සමගම වාසිදායක වෙළෙඳ ශේෂ පවත්වාගෙන යාම වෙළෙඳ ගිවිසුම්වල අරමුණක් නොවන බවයි. එනම් ඇතැම් රටක් සමග වාසිදායක පරතරයක (වෙළෙඳ වාසියක්* පැවැතිය හැකි අතර තවත් රටක් සමග වෙළෙඳ අවාසියක් තිබිය හැකිවේ.

වෙළෙඳ අවාසිය ප්‍රශ්නයක්ද

විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඇමෙරිකාව බි‍්‍රතාන්‍ය හා යුරෝපය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවට විශාල වෙළෙඳ වාසියක් හිමිව ඇති බවයි. එමෙන්ම ඉන්දියාව, චීනය හා ජපානය සමග අපට ඇත්තේ වෙළෙඳ අවාසියක්. මෙයට හේතුව අපට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර මෙම රටවලින් ගෙන්වීමත් අපගේ අපනයන බටහිර රටවලට යැවීමත්ය. විජේවර්ධන මහතා කියන්නේ වෙළෙඳ ගිවිසුම්වල එකම අරමුණ විය යුත්තේ වෙළෙඳාම වර්ධනය කිරීම විය යුතු බවයි.

ශ්‍රී ලංකාව සමග වෙළෙඳාමේදී වෙළෙඳ අවාසියක් තිබියදී ඇමෙරිකාව හා යුරෝපය අපට ජී.එස්.පී. සහන දී තිබෙන්නේ හා ජීඑස්පී ප්ලස් දෙන්නට යන්නේ ඇයිදැයි තේරුම්ගත යුත්තේ ඉහත අදහසේ වැදගත්කම සමගය.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා ආණ්ඩුවටද දෝෂාරෝපණය කරයි. එනම් ආණ්ඩුව කිසිවක් පැහැදිලි නොකර නිහඬව සිටීම ගැනයි. ඒ නිසාම ආර්ථික විද්‍යාඥයන්ද නිහඬ බවත් යමක් ලියා ඇත්තේ මහාචාර්ය රොහාන් සමරජීව මහතා පමණක් බවත් විජේවර්ධන මහතා කියා ඇත.

ආණ්ඩුවට කියන්න දෙයක් නෑ

කෙසේ වෙතත් මහාචාර්ය සමරජීව මහතා ප‍්‍රකාශ කළේ ආණ්ඩුව කිසිවක් නොකියන්නේ කියන්නට දෙයක් නැති නිසා බවයි. ඒ කියන්නේ එට්කා ගිවිසුම කියා කීවද එබඳු ගිවිසුමක් නැත. ගිවිසුමක කෙටුම්පතක් වත් නැත. තිබෙන්නේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එබඳු ගිවිසුමක් සකස් කර අත්සන් කිරීමේ එකඟතාවකි. එහි ඇත්තේ පුළුල් ෙක්‍ෂත‍්‍ර ගණනාවක් ගැන සාකච්ඡුා කොට ගිවිසුමකට එළඹීමේ එකඟතාවකි. වෘත්තීයවේදීන් කලබලවී ඇත්තේ නැති ගිවිසුමක් ගැන පමණක් නොවේ. සකස්කර නැති ගිවිසුමක් ගැනය.

මෙම ප‍්‍රශ්නය පිළිබඳව වෘත්තීයවේදීන්ගේ සංවිධාන හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික‍්‍රමරත්න මහතා අතර සාකච්ඡුාවකදී එකඟවී ඇත්තේ ඉන්දියාවෙන් වෘත්තිකයන් ගෙන්වීමට කොන්දේසි පිළිබඳව ගිවිසුමට කුමන කරුණු අඩංගුවිය යුතුද යන්න පිළිබඳ යෝජනා සකස් කිරීම වෘත්තීයවේදී සංවිධාන සම්බන්ධ වන කමිටුවකින් කළ යුතු බවයි. එම එකඟතාව දැන් කි‍්‍රයාවට නගා ඇති බව කියති.

එමෙන්ම නියෝජ්‍ය විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හා ශ්‍රී ලංකා පරිගණක සමාගමත්, මෘදුකාංග සේවා අංශයේ ප‍්‍රධාන සංවිධානය වන ස්ලාස්කොම් හෙවත් මෘදුකාංග හා සේවා සමාගම්වල ශ්‍රී ලංකා සංගමය මගින් සාකච්ඡුාවක ප‍්‍රතිඵල ලෙස එම ආයතනද මෙම ගිවිසුමේ කොන්දේසි තීරණය කිරීමට හවුල්වී සිටින බව වාර්තා විය.
දැන් තිබෙන තවත් ප‍්‍රශ්නයක් නම් මෙහෙම ගිවිසුම් මොකටද? යන්නය. මේ වැඩ දැනුත් කළ හැකියැයි කියන පිරිසක්ද සිටිති. එවැන්නන් සිතන්නේ දැන් නොකෙරෙන මොකක් හෝ මගඩියක් මේක ඇතුළේ තියන බවකි.

දැනටමත් වෙන වැඩ

වෘත්තිකයන් රටකින් රටකට ගොස් ඒවා සැපයීම දැනටම සිදුවන බව ඇත්තකි. ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් එලෙස විදේශගතව සේවය කරති. ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණීමත් මෙරටින් එරට ගොස් සේවය කිරීමත් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. ඒ පවතින විවිධ බාධක, තහන්චි මැදය. වීසා ගැනීමේ හා අවසර ගැනීමේ කි‍්‍රයාවලියකින් පසුවය. ගිවිසුම් අවශ්‍ය වන්නේ ඒ වැඬේ පහසු කරන්නටය.

මෙලෙස ගිවිසුම් අවශ්‍ය වන්නේ දැන් නිෂ්පාදනය තනි රටකට සීමාවී නොතිබීම නිසාය. අපගේ ප‍්‍රධානම නිෂ්පාදනයන් වන ඇගලූම් අපේම නිෂ්පාදනයක් නොවේ. එයට අවශ්‍ය රෙදි, බොත්තම් ඇතුළු බොහෝ දෑ විදේශයන්ගෙනි. ඇමෙරිකාවේ ඇපල් සමාගම භාණ්ඩ හදන්නේ චීනයේය. ඒවායේ කොටස් හදන්නේ තායිලන්තයේ, තායිවානයේ, මැලේසියාවේ, කොරියාවේ හා වෙනත් රටවලය.

මෙරට මෘදුකාංග ඉංජිනේරුවන් මෙරට සිට සේවා සපයන්නේ ඇමෙරිකාවට හා යුරෝපයටය. ඒ සඳහා ඇතැම්විට ඉන්දියාවෙන් සේවා ලබාගන්නවාද විය හැකිය. දැන් නිෂ්පාදනය සිදුවන්නේ ඒ ආකාරයෙනි. මේ කි‍්‍රයාවලිය පහසු කරවීමට වෙළෙඳ ගිවිසුම් අවශ්‍යය.

ඉන්දියාව සමග මෙබඳු ගිවිසුමක් අවශ්‍ය බව මෙරට ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥයන් කියන්නේ කලක සිටය. ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය දිගින් දිගට කියන්නේ ඉන්දියාව සමග සකස් කළ සීපා ගිවිසුම කි‍්‍රයාත්මක කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න නම් එය අවශ්‍ය බව ඔවුන්ගේ මතයයි.

ලංකා වාණිජ මණ්ඩලයේ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ අනුෂ්ක විජේසිංහ මහතා කියන්නේ ඉන්දියාව සමග මෙන්ම වෙනත් රටවල් සමගද අන්‍යොන්‍ය වාසිදායක වන වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත්වීම අවශ්‍ය බවයි. අපේ නිෂ්පාදන ජාත්‍යන්තර තලයට ගෙන යා හැක්කේ එවිට පමණක් බව කියයි. කෙසේ වෙතත් ගිවිසුම් සකස් කරනවිට සියලූ පාර්ශවයන්ගේ අදහස් ලබාගත යුතු බවත්, වඩා හයියෙන් කෑගහන අයගේ හඬට යට නොවිය යුතු බවත් විජේසිංහ මහතා කියයි.

දැවැන්ත සංවර්ධන වැඩ පිළිවෙළක්

මෙලෙස රජය කි‍්‍රයාවට නංවන්නට යන්නේ දැවැන්ත සංවර්ධන වැඩ පිළිවෙළකි. සමහරු කියන්න හදන්නේ මෙරට දැන් තිබෙන රැුකියා වෙළෙඳපොළට පිවිසීමට ඉන්දියානුවන්ට ඉඩදෙන බවකි. එය ඇත්ත කතාව නොවේ. ආණ්ඩුවේ සැලසුම නම් තවත් සමාගම් විශාල ගණනක් මෙරටට ගෙන්වා ගැනීමයි. එමගින් මෙරට පරිගණක සේවා මධ්‍යස්ථානයක් කිරීමය. ඒ කියන්නේ පවතින රැුකියා වෙළෙඳපොළ හත් අට ගුණයකින් විශාල කිරීමේ සැලසුමකි. එහිදී කිසියම් ක්‍ෂේත‍්‍රයකට අවශ්‍ය වෘත්තිකයන් ශ්‍රී ලංකාවෙන් ලබාගත නොහැකිනම් ඉන්දියාවෙන් ලබාගැනීමේ පහසුව ලබාදීම මෙහි අරමුණයි. ආයෝජන කරන සමාගම් විශ්වාසයෙන් යුතුව මෙරටට පැමිණෙන්නේ එවිටය.

මෙරටට විශාල ලෙස ආයෝජන ගෙන්වා ගැනීමේ මෙම සැලැස්ම හීන දැකීමක්ද යන්න සිතා බැලිය යුතුය. ආර්ථික සංවර්ධනයේදී සිහින දැකීමද අවශ්‍යය. එම සිහින සැබෑකර ගැනීමට උත්සාහ දැරිය යුතුය.

ගූගල් ලූන් ලෙස හඳුන්වන අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමේ ක‍්‍රමය සඳහා පළමු පරීක්‍ෂණ බැලූනය මේ සතියේ ගුවනට යොමු කරනු ලැබීය. මේ මාසය තුළ තවත් දෙකක් ගුවනට යොමු කරනු ඇත. ඒ රට පුරා අන්තර්ජාල සබඳතා පහසුවෙන් හා වේගවත්ව ලබාදීම සඳහාය. මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන පළමු ආසියානු රට ශ්‍රී ලංකාව බව කියති. ගූගල් ආයතනය මෙය පටන් ගත්තේ අපේ රට ගැන ඔවුන්ගේ තක්සේරුවක් අනුවය.

ගූගල් සමාගම මෙන්ම ෆේස් බුක් සමාගමද ලබන ජූනි මාසයේ මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන බව පසුගියදා වාර්තා විය. පරිගණක ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයින් මෙලෙස මෙරටට එන්නේ නම් එයද සිහින සැබෑවන බවට සුබ ලකුණකි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සබඳතා ප‍්‍රතිශතය සියයට 26ක් බව කියති. එය සියයට 50ක් ඉක්මවා ගියහොත් වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා පදනම වැටෙන බව විශේෂඥයෝ කියති. පෙනෙන ආකාරයට එම ඉලක්කය එතරම් දුෂ්කර නැත.

අපේ වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි

ආණ්ඩුවේ මෙම සැලසුම සාර්ථක වුවහොත් සිදුවන්නේ අපේ තරුණයන්ට රැුකියා නැතිවීම නොව රැුකියා වැඩිවීමයි. වැටුප් අඩුවීම නොව වැටුප් වැඩිවීමයි.

මෙය තේරුම් ගැනීමට නම් රටක වැටුප් මට්ටම් තීරණය වන ආකාරය තේරුම් ගත යුතුය. ඉන්දියාවේ වැටුප් අඩුවීමට හා ශ්‍රී ලංකාවේ වැටුප් වැඩිවීමට හේතුවද තේරුම්ගත යුතුය. ශ්‍රී ලංකාවට වඩා සිංගප්පූරුවේ, යුරෝපයේ හෝ ඇමෙරිකාවේ වැටුප් හා ජීවන තත්ත්වය ඉහළ ගොස් ඇත්තේ ඇයිදැයි සිතා බැලිය යුතුය. එවිට අපට පෙනෙන්නේ වැටුප් තීරණය වන ප‍්‍රධාන සාධකය ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය බවයි. ඉන්දියාවේ එය 1600 ක් වනවිට ශ්‍රී ලංකාවේ 3800 කි. එබැවින් ලංකාවේ වැටුප් ඉන්දියාවට වඩා වැඩිය. අනෙක් රටවල් ගැනද පෙනෙන්නට තිබෙන්නේ එම කාරණයයි.

ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ සාර්ථක වුවහොත් සිදුවන්නේ මෙරට දළ ජාතික නිෂ්පාදනය වේගයෙන් ඉහළ යාමයි. ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ වසරකට සියයට දහය ඉක්මවන ආර්ථික වර්ධනයකි. එසේ වුවහොත් මෙරට ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයද ඉහළ අගයක් ගනු ඇත. එවිට සිදුවන්නේ මෙරට වැටුප් මට්ටම් වේගයෙන් ඉහළ යාමයි. ඉන්දියානු ලාභ ශ‍්‍රමයට ඉඩකඩ ටිකක් විවෘතකොට මෙරට ශ‍්‍රමයට ඉහළ වටිනාකමක් හා වැටුපක් ලබාගන්න ක‍්‍රමය එයය. ආණ්ඩුව මේ පිටපොට ගහන්නේ ඒකටය. වෘත්තිකයන් ව්‍යාජ හිතළු මත විරුද්ධ වන්නට යන්නේද ඒකටය. ඇතැම්විට කරුණු තේරුම් ගත් පසු මෙම විරෝධය නැතිවී යනු ඇත.

අලූත් දේවල් කරන්නට යනවිට විරෝධය මතුවීම මෙරට සුලබව දකින්නට ලැබෙන සිදුවීමකි. මහවැලි හදනවිට සමහරු කීවේ නායයාම් වැඩිවන බවයි. නිදහස් වෙළඳ කලාප හදනවිට එයින් රටට වැඩක් නැතැයි විරෝධතා දක්වනු ලැබීය. තවත් බොහෝ දේ ගැන මේ කතාව කිව හැකිය. එලෙස බිල්ලන් මවා ගැනීම දැන්වත් නැවැත්විය යුතුය. යථාර්ථය තේරුම්ගෙන ඉදිරි පියවර තැබිය යුතුය. එසේ නැතහොත් අපට තිබෙන වටිනා අවස්ථාවක් අහිමි විය හැකිය. මේ මොහොතේ එසේ සිදුවීම අපරාධයකි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *