වෙළෙඳපොල මවිතකරමින් මහ බැංකුව බැංකු පොලි ඉහළදමයි

අර්ජුන මහේන්ද්‍රන් බැංකු පොලි අනුපාත ඉහල දමන බවට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ රාත්‍රියේ නිවේදනය කල අතර එය මෙරට ව්‍යාපාරික ප්‍රජාව සහ ආර්ථික විද්‍යාඥයන් මවිත කළ තීරණයක් බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි . බොහෝ ආර්ථික විද්‍යාඥයන් විස්වාස කළේ පොලි අනුපාත ස්ථිර ලෙස පවත්වා ගැනීමට මහා බැංකුව ක්‍රියා කරනු ඇති බවයි .

මෙම තීරණයට පෙර රෝයිටර් පුවත් සේවය කල විමසුමකදී ආර්ථික විද්‍යාඥයන් 14ක්ගෙන් 10 දෙනෙකු ප්‍රකාස කොට ඇත්තේ පොලි අනුපාත වෙනස් නොකරනු ඇති බවයි .

මහා බැංකුව කියන්නේ අර්තුකයේ අනතුරුදායක තත්ත්වය තවමත් පවතින නිසා මෙම පියවර ගත් බවයි . මහා බැංකුව පදනම් අනුපාත 50කින් පොලි ඉහල දමා  ඇති අතර ඒ අනුව බැංකුවල පොලි අනුපාත ඉහල දැමීම ඉදිරි දිනවලදී නිවේදනය කරනු ඇත .

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ගෙවුම් ශේස ප්‍රශ්නයට විසදුම් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ආධාර ගැනීමට රජය තීරණය කොට ඇති අතර බැංකු පොලි ඉහල දැමීම එයට පෙර සුදානමක් බව ඇතැම් විචාරකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *