අද කොවිඩ් 19 තවත් ආසාදිතයින් 609ක් ; පොකුර 3426 ට නගී

කොවිඩ් 19 තවත් ආසාදිතයින් 609ක් අද දින වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
මෙලෙස වාර්තා වූ ආසාදිතයින් අතර  පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි
ඊට අමතරව ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙක් ද, බේරුවල ප්‍රදේශයෙන් 20ක් ද, නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ද ලෙස ආසාදිතයින්  වාර්තා වී ඇත.
මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *