ආචාර්ය හර්ෂ ද සිල්වාට නොදේ ; මුදල් කමිටු සභාපතිකමත් ආණ්ඩුව ම තියාගනී.

පාර්ලිමේන්තුවට යහපාලන සමයේ හඳුන්වා දුන් රීතී අනුව විපක්ෂයට හිමිවිය යුතුව තිබු රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ධුරය , එයට විපක්ෂයෙන් නම් කොට තිබු ආචාර්ය හර්ෂ ද සිල්වාට නොදීමට ආණ්ඩුව අද පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත්තේ ය.

එම යෝජනාවට අනුව මුදල් කමිටු සභාපතිකම විපක්ෂයට ලබාදීමේ රීතිය අහෝසි වන අතර එය කමිටුවේ බහුතරයෙන් තීරණය කළ යුතු වෙයි.

පාර්ලිමේන්තුවේ බහුතරය අනුව මුදල් කමිටුවේ බහුතරය හිමිවන්නේ ආණ්ඩු පක්ෂයට ය. ඒ අනුව එහි සභාපති ධුරය ආණ්ඩු පක්ෂයට හිමිකරගත හැකි වෙයි.

අද උදේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී මීට අදාළ යෝජනාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර එයට පක්ෂව ඡන්ද 87ක් සහ විපක්ෂව ඡන්ද 17 ක් ලැබීමෙන් සම්මත වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *