කොවිඩ් පොකුරට අද 309ක් එක්වෙති ; මුළු ගණන 2817ක් දක්වා ඉහළට

කොවිඩ් 19 ආසාදිතයන් 309 දෙනකු අද දිනයේ හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව මිනුවන්ගොඩින් මතු වී රට පුරා පැතිරුණු කොවිඩ් පොකුර දැන් 2817 දක්වා ඉහළ  ගොස් ඇත.

මෙතරම් විශාල සංඛ්‍යාවක් හමු වී ඇත්තේ සති තුනකටත් අඩු කෙටි කාලයක් තුළ දී ය.

කොවිඩ් මෙරට දී හඳුනාගත් මුල් මාසයේ හමු වූ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් අද එක් දිනක් තුළ හමු වී තිබේ.

ආණ්ඩුව කියන්නේ කොවිඩ් සමාජීය වශයෙන් බෝ වීමක් තවමත් නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *