ප්‍රභාකරන් තහනම් කල ගිය අද ගයන හැටි – ඩී බී එස් ජෙයරාජ්

images1959 සැප්තැම්බරයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරනු ලැබීය. 1960 මාර්තු මැතිවරණයේදී බිහිවූයේ කිසිවකුට වැඩි බලයක් නැති පාර්ලිමේන්තුවකි. නැවතත් මැතිවරණයක් කැඳවනු ලැබීය. 1960 ජූලි මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පත්වීය. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ සිරිමා මැතිණිය අගමැති ලෙස පත්විය. අලූතින් පත්වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයට එරෙහි ව්‍යාපාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත්තේය.

ස්වදේස කටයුතු හා සංස්කෘතික ඇමැති මෛත‍්‍රිපාල සේනානායක මහතා විශේෂඥයන්ගේ කමිටුවක් පත්කරන ලද්දේ රටේ ප‍්‍රශ්නවලට හේතුව ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයද යන්න සොයා බැලීමටය. කමිටුවේ නිර්දේශය වුයේ ‘‘නමෝ නමෝ මාතා’’ යන්න ‘’ශ්‍රී ලංකා මාතා’’ ලෙස වෙනස් කළ යුතු බවටය. එයට දැඩිලෙස විරුද්ධ වූ ආනන්ද සමරකෝන් මහතා යෝජිත වෙනසට විරුද්ධ විය. එය නොතැකූ ආණ්ඩුව 1961 පෙබරවාරි මාසයේදී ‘‘නමෝ නමෝ මාතා’’ යන්න ‘‘ශ්‍රී ලංකා මාතා’’ ලෙස වෙනස් කළේ තනි තීරණයක් ගනිමින්ය. එයට ආනන්ද සමරකෝන් මහතාගේ කැමැත්ත ලබාගත්තේ නැත. මේ වනවිට ගීතයේ අයිිතිය රජයට හිමිව තිබූ නිසා මෙම හිතුවක්කාර ක‍්‍රියාවට එරෙහිව කිසිදු නීතිමය ක‍්‍රියාමර්ගයක් ගැනීමට සමරකෝන් මහතාට හැකිවූයේ නැත.

නමෝ නමෝ තායේ එදා ගැයුණු හැටි

කොළඹ නිල රාජ්‍ය උත්සව බොහොමයක හා බහුතර සිංහල ප‍්‍රදේශවල සිංහල පදමාලාව ගායනා කළ අතර බහුතර දෙමළ ප‍්‍රදේශවල හා දෙමළ පාසල්වල දෙමළ භාාෂවෙන් ජාතික ගීය ගායනා කරනු ලැබීය. 1956 දී සිංහලය එකම රාජ්‍ය භාෂාව බවට පත්කොට දෙමළට කිසිදු නිල තත්ත්්වයක් ලබාදී නොතිබියදී පවා මෙම ඉඩදීමේ ආකල්පය ක‍්‍රියාවට නැගෙනු දක්නට ලැබිණි. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දෙමළ භාෂාවට ජාතික භාෂාවක තත්ත්වය හිමිවූ නමුත් රාජ්‍ය භාෂා තත්ත්වය හිමිවූයේ නැත. එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය යටතේ සිංහල ජාතික ගීයට ව්‍යවස්ථාමය තත්ත්වය ලබාදීමට කටයුතු කෙරිණි. එසේ වුවද හත්වන ව්‍යවස්ථාවේ තෙවැනි ඇමිණුම යටතේ දෙමළ භාෂාවෙන් වූ ජාතික ගීයටද ව්‍යවස්ථාමය තත්ත්වය ලැබිණි. නිල ගැසට් නිවේදනයේ මෙන්ම දෙමළෙන් ප‍්‍රකාශයට පත්කළ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේද ජාතික ගීයේ දෙමළ පදමාලාව ප‍්‍රකාශයට පත්කොට ඇත.

1987 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් සිංහල භාෂාව සමඟ දෙමළ භාෂාවද රාජ්‍ය භාෂා තත්ත්වයට ඉහළ දමනු ලැබීය. රාජ්‍ය භාෂා තත්ත්වය හිමිවූ දෙමළ භාෂාවට පරිපාලන හා නීතිසම්පාදන ක්‍ෂේත‍්‍රවල තවදුරටත් පිළිගැනීමක් ලැබීම 1988 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වන සංශෝධනය මගින් සිදුවිය. දෙමළ භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වය ලැබීම මගින්ද ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කළ යුතුය යන ස්ථාවරය වඩාත් ශක්තිමත් විය.

වෙනත් මාවතක් තිබේද ?

2009 දී යුද්ධය අවසන්වීමෙන් පසුව දෙමළ ජනයා ක‍්‍රමක‍්‍රමයෙන් ප‍්‍රධාන ධාරාවට ඇතුළුවීම ආරම්භ විය. දැන් රාජ්‍ය භාෂාවක් බවටද පත්වී ඇති දෙමළ ජනයාගේ මවු භාෂාවෙන් ජාතික ගීය ගැයීම හැර මෙම ක‍්‍රියාවලිය  ශක්තිමත් කිරීමට වෙනත් මාවතක් තිබේද? ඔවුන්ගේම භාෂාවෙන් තම මවු බිමට ආචාර කිරීම සංකේතාත්මකව වැදගත් නැතිද? එය ඔවුන් හිතන පතන හා ඔවුන්ට දැනෙන භාෂාව නොවේද? ඔවුන්ට ‘‘ඥානය, වීර්්‍යය, ශක්තිය හා භක්තිය’’ ලබාදුන් ලක් මාතාවට ස්තුති කිරීම ශ්‍රේෂ්ඨ නොවන්නේද? ‘‘පේ‍්‍රම වඩා සැම භේද දුරැුරදා’’ ‘‘එකමවකගෙ දරු කැල ලෙසිනා’’ ‘‘ශක්තිමත් ජාතියක් ලෙස ඉදිරියට යෑම’’ ගැන ගායනා කිරීම නොකළ යුත්තක්ද?

එබඳු තත්ත්වයක් යටතේ 2010දී රාජ්‍ය පාලනය විසින් ජාතික ගීය දෙමළෙන් ගැයීම එකවරම නතර කර දැමීම කනගාටුදායක තත්ත්වයකි. ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ඉවත් කර දැමීමටත් එය සිංහලෙන් පමණක් ගැයීම පමණක් නිල වශයෙන් පිළිගැනීමටත් ප‍්‍රබල පිරිසක් කටයුතු කළෝය. මේ සම්බන්ධ කැබිනට් පත‍්‍රිකාව 2010 දෙසැම්බර් 8 වැනිදා සාකච්ඡුාවට ගනු ලැබීය.

එතරම් දැනුමක් නැති විමල් වීරවංශ මහතා ජාතික ගීත සිංහලෙන් පමණක් ගායනා කළ යුතු බව කියනවිට වඩාත් බුද්ධිමත් වාසුදේව නානායක්කාර මහතා එයට විරුද්ධත්වය ප‍්‍රකාශ කළේය. යෝජිත ක‍්‍රියාවට ඇමැතිවරුන් ගණනාවක් විරුද්ධ වීම නිසා අමාත්‍ය මණ්ඩලයේ ආකල්පය වෙනස් විය. ජාතික ගීයේ දෙමළ පදමාලාව ඉවත්කිරීමේ උත්සාහයට බලවත් විරෝධයක් පැන නගින බව ඉක්මනින්ම පෙනී ගියේය. එමෙන්ම එය අමාත්‍ය මණ්ඩලයේ බරපතළ බේදීමකට හේතුවන බවද පෙනී ගියේය. තත්ත්වය හොඳින් මැන බැලූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඒ පිළිබඳව තීරණයක් ගැනීම වෙනත් දිනයකට කල් දමන බවයි. අවසන් තීරණයකට එළඹීමට පෙර හොඳින් සාකච්ඡුා කළ යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය. එතෙක් පැවැති තත්ත්වය පවත්වාගෙන යන බව ජනාධිපතිවරයා කීවේය.

රහසේ දුන් නියෝග

ඉන්පසු සිදුවූ දේ බොහෝදෙනා දනිති. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකල යුතු බවට රජයේ නිලධාරීන්ට හා හමුදාවේ නිලධාරීන්ට රහසේම නියෝග නිකුත් විය. නිල වශයෙන් තීරණයක නැතත් නිල අනුග‍්‍රහය ලබා නොනිල ක‍්‍රියාමාර්ග මගින් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නවතා දමනු ලැබීය. වාසුදේව නානායක්කාරටවත් ඩග්ලස් දේවානන්දාටවත් එය නැවැත්වීමට නොහැකි විය. ජාතික ගීය දෙමළෙන් ගැයීම තහනම් කිරීමට රාජපක්ෂ පාලනය කටයුතු නොකළද එදිනෙදා කටයුතුවලදී එය තහනම් කරනු ලැබීය. එය පෙනීගියේ මතුපිටින් පවතින තත්ත්වය පවත්වාගෙන යන බව පෙන්නුම් කරන අතර ප‍්‍රායෝගිකව දෙමළ ජාතික ගීය ගැයීම නවතා දැමීමක් වශයෙනි. ව්‍යවස්ථාපිත තත්ත්වය එසේම පවතින බවත් එහි වෙනසක් සිදුවී නැති බවත් ප‍්‍රකාශවිය. ජාතික ගීය ගැයීමේ අයිතිය ඇතිබවත් එය වෙනස් කොට නැති බවත් පවසනු ලැබීය. එසේ වුවද නිලනොවන ක‍්‍රියාමාර්ගයවූයේ රජයේ ආයතන හෝ පාසල්වල ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නවතා දැමීමයි. ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම වැළැක්වීමේ වගකීම උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිටි ආරක්ෂක හමුදාවන්ට භාරදෙනු ලැබිණි.

මෙම පණිවුඩය ඉක්මණින් තේරුම් ගත් දෙමළ ජනයා ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නවතා දැමීය. පාසල් සිසුන්ට සිදුවූයේ සිංහල වචන දෙමළෙන් ලියාගෙන ගායනා කිරීමටය. වීරවංශ වැනි උදවිය කීවේ දෙමළ ජනයාට ජාතික ගීය දෙමළෙන් නොව සිංහලෙන් ගැයීමට අවශ්‍ය වී ඇති බවයි. ඒ අනුව ජාතික ගීය දෙමළෙන් ගැයීමේ අයිතිය එක් අතෙකින් අහෝසි කරන ලද්දේ එම අයිතිය ඇති බව බොරුවට පෙන්වන වාතාවරණයක්ද සමඟය.

ඉතාම තීරණාත්මක අවස්ථාවක මෙබඳු අදුරදර්ශී ක‍්‍රියාවක් සිදුකිරීම විශ්වාස කිරීමට පවා අපහසුය. දශක ගණනාවක බෙදුම්වාදී ගැටුමකින් පසුව දෙමළ ජනතාව හෙමින් සටන් වැදී සිටියේ එක්සත් ජාතියට නැවත ඒකාබද්ධවීමටය. එවිට තම මවු භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ අවස්ථාව අහිමි කිරීම මගින් සිදුවූයේ බරපතළ සංකේතාත්මක ප‍්‍රහාරයක් එල්ලවීමයි.

ජයග‍්‍රහණවාදයේ සංකේතයක්

එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව වූ මෙම සිදුවීමේ වෙනත් අසංවේදී ප‍්‍රතිවිපාක ඇතිවිය හැකිය. ජයග‍්‍රණවාදයේ සංකේතයක් ලෙස මෙය කෙනෙකුට හැඳින්විය හැකිය. දෙමළ ජනයා යටත් කරගත් ජාතියක් ලෙස සලකනු ලැබූ අතර යටත් කරගත් ජාතියේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට ඔවුන්ට බලකරනු ලැබීය. මෙම ක‍්‍රියාවේ කුරිරු ඛේදවාචකයක්ද ඇත. දෙමළ භාෂාවට නිල රාජ්‍ය භාෂාවක තත්ත්ත්වය නොතිබූ කාලයේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමේ සීමා සහිත නිදහසක් තිබිණි. දැන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන හා 16 වන සංශෝධන නිසා දෙමළ භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වය හිමිවී ඇත. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කිරීමෙන් පසුව කලින් තිබූ අයිතියද අහිමි කිරීමට උත්සාහ දරයි.

යුද්ධයේ හමුදාමය ජයග‍්‍රහණයෙන් ස්වයංක‍්‍රියව සැබෑ සමගිය ඇතිවන්නේ නැත. බෙදුම් වාදයට එරෙහි දිගු හා සාර්ථක යුද්ධයකින් පසුව අවශ්‍ය වන්නේ යුද්ධයේ තුවාල සුව කර ගනිමින් සමගි සම්පන්න ජාතියක් ගොඩ නැගීමයි. ජාතික සංහිදියාව හා ජනවාර්ගික සමගියට වැඩි අවධානයක් ලබාදී ක‍්‍රියා කළ යුතු මොහොතක සිදුවන්නේ දෙමළෙන් ජාතික ගීය ගැයීමට ඒ වන විට තිබූ ඉඩකඩද අහිමි කරමින් දෙමළ ජනයා කොන් කිරිමයි.

කලින් තුබූ තත්ත්වය පවත්වාගෙන යාමට තවත් ඉතා වැදගත් හේතුඇත. දෙමළෙන් ජාතික ගීය ගැයීමට අවශ්‍ය දෙමළ ජනයා බෙදුම්වාදීහු හෝ අන්තවාදිහු නොවෙති. ඇතැමුන් කීවේ හා කියන්නට හැදුවේ ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවශ්‍යතාව ඇත්තේ බෙදුම්වාදීන්ට හෝ එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝවාවට බවයි. මෙම මුග්ධ ප‍්‍රකාශය තරම් සත්‍යයෙන් දුරස්වූ වෙනත් කිසිවක් නැත. ශ්‍රී ලංකාවේ ජිවත්වන දෙමළ ජනයා අතරින් නිහඬ බහුතරයට ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවශ්‍ය වන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට අයිති නිසාත් මෙරට සමඟ අනන්‍ය වීමට අවශ්‍ය නිසාත්ය. ඔවුන් අලූත් යමක් ඉල්ලා නොසිටි අතර මෙතෙක් තුබූ හා දැනටත් තිබෙන තත්ත්වය පවත්වාගෙන යාම පමණක් බලාපොරොත්තුු විය. සිංහල ජාතික ගීයට අවශ්‍ය ගෞරවය හා මුල්තැන ලබාදෙන අතරම ඔවුන්ට අවශ්‍ය වූයේ අවශ්‍ය හා සුදුසු ස්ථානවලදී ජාතික ගීය තම මවු භාෂාවෙන් ගැයීමටයි.

සුන්දර දිවයිනක මෙහෙම වුනේ ඇයි?

රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්, බුද්ධිමතුන්, ජනමාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් වැනි අපක්ෂපාත විදේශිකයෝ විශ්මයට පත්ව සිටියහ. ජනවාර්ගික ගැටුම නිසා විශාල හානි සිදුවී මේ වනවිට සමගිය හා සංහිදියාව ගොඩ නැගීමේ යෙදීසිටින රටක මෙවැන්නක් සිදුවීම ඔවුනට අදහාගත නොහැකිය. කිසිදු සංවේදී රාජ්‍යයක තිබිය නොහැකි ලෙස මෙබඳු බලහත්කාරී සිදුවීම් වන්නේ ඇයි? මෙය සිදුවූයේ මා ඉපදී හැදී වැඩුණු ශ්‍රී ලංකාව නම් සුන්දර දිවයිනෙහිය. පසුව ආසියාවේ ආශ්චර්ය ලෙසද හඳුන්වනු ලැබූ ඉන්දියන් සාගරයේ මුතු ඇටයෙහි මෙබඳු බොහෝ දෑ සිදුවිය හැකි බව විශ්වාස කිරීමටද අපහසුය. සිනමා නළු දේශපාලක ගාමිණී ෆොන්සේකා මහතා පැවැසු පරිදි ශ්‍රී ලංකාවේ විනාශයට හේතුව ‘‘ තුන්වන පංතියේ දේශපාලනයයි’’ යි.

ජනවාර්ගික ප‍්‍රශ්නයේ දෙපැත්තම දේශපාලනඥයන් විසින් සිදුකොට තිබෙන්නේ තමන්ට හොඳ අවස්ථා තිබියදී මඟහරිමින් ඡුන්ද දායකයාගේ හැඟීම්වලට අමතන අතිරේක ක‍්‍රියා සිදුකිරීමයි. මෙම දේශපාලන බලවේග තවදුරටත් පවත්වන්නේ ශ්‍රී ලංකාවේ හැම වර්ගයකම ජනතාව පෙන්නුම් කර ඇත්තේ මැතිවරණවලදී හැගීම් අවුස්සන හිස් දේශපාලන සටන්පාඨ හා පහත් දේශපාලන උපක‍්‍රම මගින් තමන් රැුවටීමට ලක්කිරීමේ හැකියාව ඇති බව නිසාය. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ජනතාවට තමන්ට සුදුසු දේශපාලනඥයන් හිමිවන එකිනෙකා මත යැපෙන විශ්ම චක‍්‍රයක සිරවීමයි.

ශ්‍රී ලංකාව විශාල විනාශයකට හා අවුලකට යාම වළක්වා ගත හැකිව තිබෙන්නේ මෙරට නායකයන් හා ජනතාව අතරින් යම් පිරිසක් වැරදි නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ග ගනිමින් සිදුවී තිබූ වැරැුදි සියල්ල නැතහොත් වැඩි ප‍්‍රමාණයක් නිවැරැුදි කිරීමේ ක‍්‍රියාමාර්ග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය තුළින්ම සිදුවීමයි. ශ‍්‍රි ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෝෂ සහිත විය හැකි වුවද මූලික වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීම ගැන රටට ආඩම්බරයක් විය හැකිය. එක් වංචනිකයන් පිරිසක් වෙනුවට තවත් එබඳුම පිරිසක් පත්කරගනු ලැබුවද එයද සිදුවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවය. ඒකාධීපතිවාදී ක‍්‍රියාවලියක් පරාජය කරන්නේද ඡුන්දබලය යොදාගනිමිනි. දිවයිනේ දේශපාලන අවකාශයේ ඇති අඳුරු වලා අතර රිදී රේඛාව ලෙස දිස්වන්නේ මෙයයි.

රිදී රේඛාවක්

පසුගියදා අපට එබඳු එක් රිදී රේඛාවක් දක්නට ලැබුණේ නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ අවස්ථාවේදීය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේත් නව ක‍්‍රියාමාර්ග මගින් සිදුකරමින් තිබෙන්නේ අතීතයේ රාජපක්ෂ පාලනය සිදුකළ ඇතැම් වැරැුදි නිවැරදි කිරීමයි. 68 වැනි නිදහස් දින සැමරුම සැබැවින්ම දැකීමට ප‍්‍රිය උපදවන බලාපොරොත්තු දල්වන ලද අවස්ථාවකි. මෛත‍්‍රී x රනිල් x චන්ද්‍රිකා ත‍්‍රිත්වයේ ක‍්‍රියාමාර්ග මගින් ජාතින් අතර යුක්තිය, වාර්ගීක සමගිය, සහ ජාතික සංහිදියාව වෙත හෙමින් නමුත් ස්ථාවරව ගමන්කරන බව එහිදී පැහැදිලිව ප‍්‍රදර්ශනය වීය.

සියල්ලටම වඩා වැදගත් වන්නේ නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම මගින් ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතාකරන ජනතාවට ඔවුන් හා ඔවුන්ගේ භාෂාව ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අංගයක් බවට දුන් සංකේතාත්මක පණිවුඩයයි. මෙමගින් සියලූම දෙමළ ජනයා තුළ එක්සත් නොබදුණු ශ්‍රීලංකාවේ සාමාජිකයන් ලෙස ජිවත්වීමේ වුවමනාවය ජනිත කළේය. ඉතාමත්, ඉතාමත්, ඉතාමත් සතුටුයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *