විමල් ,වාසු, උදය, ගෙවිදු ,වීරසුමන ,විජයදාස කණ්ඩායම ඡන්දය ණයට දෙයි !

 

ද්විත්ව පුරවැසියන්ට ඇමතිකම් දැරීමේ අයිතිය දීම ඇතුළු 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්තයට ඡන්දය දීමට ජනාධිපතිතුමා සමග එකඟත්වයක් ඇතිකරගත් බව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග,වීරසුමන වීරසිංහ,ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේ ය.

ලබන වසරේ ගෙනෙන නව ව්‍යවස්ථාවක දී ද්විත්ව පුරවැසියන්ට ඇමතිදුර දැරීම,මන්ත්‍රීවරුන් වශයෙන් පත්වීම ආදිය තහනම් කරන වගන්තියක් ඇතුළත් කරන බවට ජනාධිපතිතුමා දුන් පොරොන්දුව නිසා මේ අවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ට පක්ෂව ඡන්දය දෙන බව එම කණ්ඩායම කියයි.

මීට පෙර ඔවුන් තීරණය කොට තිබුණේ 20 ට ඡන්දය දෙන නමුත් ද්විත්ව පුරවැසි වගන්තියට ඡන්දය නොදීමට ය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *