රිෂාඩ් එලියට එන බව පක්ෂය ඊයේ කියලා ! – දෙරණ වාර්තාව මෙන්න

 පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා 20 දායින් පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටුනු ඇති බව ඒ මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කොට ඇත .

ඒ සම්බන්දයෙන් අද දෙරණ වෙබ් අඩ්විය වාර්තා කොට තිබුනේ මේ ආකාරයෙනි . පුවත පලකොට ඇත්තේ ඊයේ (18) රාත්‍රී 10.12 ට ය.

රිෂාඩ් 20 වැනිදායින් පසු එළියට එයි – සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා කියයි

October 18, 2020   10:12 pm

රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ථ ලංකා මහජන කොංග්‍රසය අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ බදියුදීන් මහතා අඟහරුවාදායින් (20) පසුව  විවෘතව පෙනී සිටිනු ඇති බවය.

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා බදියුදීන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සම එදිනට අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින්  පසුගිය සිකුරාදා (16) රිට් පෙත්සමක් ගොනු කළේය.

කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය දිනයේ අවතැන්වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තමා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බව පෙත්සම්කරු පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී, සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක අධිනීතිඥ එන්.එම් ෂහීඩ් මහතා පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 20 වනදායි පසුව විවෘතව පෙනී සිටිනු ඇති බවය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දී අදට (18) දින පහක් ගතව ඇතත් තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳ ඇතුළු පාර්ශ්නය කිහිපයකින් මේවන විටත් ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *