රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට පත්වෙයි. අද අධිකරණයට !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා අද උදේ අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි. දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත් අඩංගුවට ගත බව කියති. ඔහු අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙලෙස අත් අඩංගුවට පත්වීම නිසා රිෂාඩ් බදුයුදීන් මහතාට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවෂාව සඳහා පවත්වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සහභාගී වීමට අවස්ථාව ලැබෙයි. දිගට ම සැඟවී  සිටියා නම් ඔහුට එම අවස්ථාව හිමි නොවෙයි.

එබැවින් මෙය අත් අඩංගුවට ගැනීමක් ද, නැතහොත් අත් අඩංගුවට පත්වීමක් දැයි දේශපාලන අංශවල කුකුසක් පවතියි.

අද අධිකරණයට ඉදිරිපත් කරන රිෂාඩ් බදියුදීන් මහතාට ඇප ලැබුනත් නොලැබුනත් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමේ අවස්ථාව හිමිවෙයි.

අද උදේ ම අත් අඩංගුවට පත් වූ බදුයුදීන් මහතාට අද ම ඇප ලබාගත හැකි වුවහොත් ඔහුට එක් රැයක් හෝ අත් අඩංගුවේ සිටීමට සිදු නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *