ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් – මුරුත්තෙට්ටුවේ හිමි

මහා සංඝරත්නයේ අනුමැතියෙන් තොරව, මහා සංඝරත්නයට පිටුපා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වන්නේ නම් ඊට පිළිතුරු දීමට ද මෙරට මහා සංඝරත්නය සූදානම් බවට අභයාරාම විහාරාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනතුරු හඟවයි.”අපි ජනාධිපතිතුමාට කියනවා 20 ගේන්නෙ නැත්නම් වඩා හොඳයි, 20 ගේනවා නම් මහා සංඝරත්නයේ අනුමැතිය අරගෙන 20 ගේන්න. එහෙම නැතිව යම් යම් දෙනාගේ බලපෑම් මත, හිතුවක්කාරකම් මත, දඩබ්බර ක්‍රියාවන් මත මේ 20 ගේනවා නම් අපි එකඟ වෙන්නෙ නෑ කවදාකවත්.

20 ගේන්න, දුර්වලකම් හදන්න. පිළිගන්න බැරි ඒවා පැත්තකට දාන්න. මහා සංඝරත්නයට පිටුපාලා, මහා සංඝරත්නය කොන් කරලා, මහා සංඝරත්නයේ අවවාද පිළිගන්නෙ නැතුව යමක් ගේන්න සූදානම් නම් මහා සංඝරත්නයත් සූදානම් ඒ සෑම දේකටම පිළිතුරු දෙන්න කියන එක මං මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සමඟ පැවිදි හඬ සංවිධානය විසින් ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි යනු රාජපක්ෂවරුන්ගේ දීර්ඝ කාලීන හිතවත් හිමිනමක් වන අතර 2015 පරාජයෙන් පසු රාජපක්ෂ දේශපාලනයෙහි කේන්ද්‍රස්ථානය බවට කලක් තිස්සේම පත්ව තිබුණේ ද ඒ හිමියන්ගේ අභයාරාම විහාරස්ථානයයි.

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *