“ජනාධිපතිතුමා පව් ” . “හරිම කලකිරීමෙන් ඉන්නේ ” – වියත්මග ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු

ජනාධෝපතිතුමා මේ වනවිට දැඩි කලකිරීමෙන් සිටින බව තමා පුද්ගලිකව ම දන්නා බව වියත්මග ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා කීවේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ඇතිවීම සහ එය පාලනය කරගත නොහැකි වීම නිසා ජනාධිපතිතුමා බලවත් කලකිරීමකින් සිටින බව යි.

චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදිය සමග අන්තර්ජාලයේ Truth With Chamuditha වැඩ සටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයකට හැඟීම් බරව පිළිතුරු දුන් අනුර ප්‍නාරන්දු මහතා “ජනාධ්ප්පතිතුමා පව් ” කියා ද කීවේ ය.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට හේතු වූ බ්‍රන්ඩික්ස් කර්මාන්තශාලා හිමියා වියත්මග සාමාජිකයෙක් නොවන බව කී වියත්මග ලේකම්වරයා කොතැනක හෝ වරදක් සිදු වී ඇති බව පිළිගත්තේ ය.

ජනතාව බලය දුන් වියත්මග සාමාජිකයන්ගෙන් ද රටට මේ දක්වා වැඩක් වී නැති බව පිළිගත් ප්‍රනාන්දු මහතා කෙසේ වෙතත් ඔවුන් ගැන තීරණයක් ගැනීමට තව ම කල් වැඩි බවද කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *