20 ගැන අවසන් තීරණයකට පොහොට්ටුවේ පක්ෂ නායකයෝ රැස්වෙති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට එරෙහිව නැගී ඇති ජනතා විරෝධය හමුවේ ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද හවස කැඳවා ඇති බව වාර්තා වෙයි .

සංඝ සමාජවලින් , ආණ්ඩුවට බලයට ඒමට සහය දුන් ප්‍රබල සංඝයා වහන්සේලාගෙන්, කොතොලික රදගුරු සම්මේලනයෙන් සහ ජාතික ක්‍රිස්තියානි සභාවෙන් ආදී බොහෝ  සංවිධාන 20 වැනි සංශෝධනය සම්මත කිරීමට විරෝධය ප්‍රකාශකොට තිබීම ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවා ඇත .

ජනාධිපති ගොටාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුනේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙයි.

20 වැනි සංශෝධනය පවතින ආකාරයෙන් ම පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා ද ? සංශෝධනය කරනවා ද? සංශෝධනය කරන්නේ නම් ඒ මොනවා ද? නැතහොත් එය ඉවත් කර ගැනීමට හෝ කල් දැමීමට ක්‍රියා කරන්නේද ? ආදී කරුණු ගැන තීරණ ගැනීම එහි දී සිදුවනු ඇතැයි කියති.

පනත සම්මත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙක හරියට ම ඇද්දැයි සලකා බැලීම ද මෙහි දී සිදුවනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *