“රිෂාඩ්, ඔයා එලියට එන්න අපි හැංගෙන්නම් ; හැංගෙන්න වෙලා තියෙන්නේ ආණ්ඩුව ගෙනා අපටයි” – ” සිංහලේ” කැඳවුම්කරු මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි

 

දැන් හැංගෙන්න සිදු වී තිබෙන්නේ රිෂාඩ් බදියුදීන්ට නොව මේ ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ තමන් වහන්සේ ඇතුළු පිරිසට බවත් , එමනිසා ” රිෂාඩ් ඔයා එලියට එන්න – අපි හැඟෙන්නම් ” කියා තමන් වහන්සේ රිෂාඩ් බදියුදීන් මහතාට කියන බවත් , “සිංහලේ ” සංවිධානය කැඳවුම්කරු මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියෝ  අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළහ.

ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව ද උන්වහන්සේ පැවසුහ. උන් වහන්සේ වැඩි දුරටත් කීවේ මේ ආණ්ඩුවේ 20 සංශෝධනයට වඩා යහපාලනයේ 19 වන සංශෝධනය  හොඳ බවයි.

ආණ්ඩුව දිනෙන් දින ජනප්‍රියත්වයෙන් පිරිහෙන බව කී උන්වහන්සේ ආණ්ඩුව කරන වැඩ නිසා ආණ්ඩුව ගෙන එන්නට වැඩ කළ උදවියට හැඟෙන්නට සිදු වී ඇති බව කීහ.

ජනතා විරෝධයෙන් ගැලවීමට අවශ්‍ය නම් ආණ්ඩුව දැන්වත් 20වංඉ සංශෝධනය සම්මත කිරීම අතහැර දැමිය යුතු බව උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *