කොරෝනා පොකුර 1899 ට නගී ; අදත් 110ක් එකතු වෙයි !

මිනුවන්ගොඩින් ආරම්භ වූ කොවිඩ් පොකුර මේ වනවිට 1899 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සවස වාර්තා කළේය.

අද හවස් වනවිට අලුතින් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 110 කි.

මෙම කොවිඩ් පොකුර මේ වනවිට අතුරු පොකුරු ගණනාවක් බවට වර්ධනය වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. එය පාලනය කිරීම මේ වනවිට විශාල අභියෝගයක් වී ඇති බව එම ආරංචිමාර්ග කියයි.

කෙසේ වෙතත් කොවිඩ් පාලන කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියන්නේ මෙම කොවිඩ් පොකුර මේ වනවිට පාලනය කොට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *