20 ගැන විවාදය 21 හා 22 දිනවල ; දවස් දෙකෙන් සම්මත කරන්න යයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අද (16) රැස්වු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. මෙම පක්ෂ නායක රැස්වීම හදිසියේ කැඳවා තිබුනේ 20 වැනි සංශාධනය සම්මත කිරීමට දින තීරණය කිරීම සඳහා ය.

22 දා ම එය සම්මත කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

විපක්ෂය විසින් අවම වශයෙන් දින තුනකවත් විවාදයක් මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ආණ්ඩු පක්ෂය ඊට එකතාවය පළකර නොමැති බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *