නව ව්‍යවස්ථා යෝජනාව 25 වෙනිදා විවාදයට

විවාදයට ගෙන අනුමත කරගැනීමට නොහැකිව කිහිප වතාවක්ම කල්ගිය, අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව පෙබරවාරි මස 25වෙනි දින විවාදයට ගෙන එදින ම සම්මතකර ගැනීමට නියමිත බව යුක්තියට වාර්තා වේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කිරීමට ජනමත විචාරණයට පෙර පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතිය අවශ්‍ය හෙයින් සරළ බහුතරයකින් එම ව්‍යවස්ථාව යෝජනාව සම්මත කිරීම යෝග්‍ය නොවීම මෙම කල්යෑමට හේතු වී තිබුණි. ඒ අනුව යෝජිත ව්‍යවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහාය පිළිබඳ ඇති අවිශ්වාසය මේ ප්‍රමාදයට හේතු වූ බව පැහැදිළි ය. නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීමට එරෙහි, මහින්ද පාර්ශවය වෙනත් දේශපාලන ගමනක් සඳහා වන සූදානමත් සමග ම, නව ව්‍යවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුමැති ලැබෙනු ඇති බව ආණ්ඩු පක්ෂයේ බහුතරයේ විශ්වාසය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *