කොවිඩ් 19 ව්‍යාප්තිය තිස්සමහරාමයටත් ගිහින්

හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයෙන් ද කොවිඩ් රෝගියකු  අද වාර්තා වීය.

එම රෝගියා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇත්තේ හම්බන්තොට මහා රෝහලේ දී කරන ලද පී සී ආර් පරීක්ෂණයක් මගිනි. වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා හම්බන්තොට රෝහලට මෙම රෝගියා පැමිණ තිබේ.

මොහුට කොවිඩ් ආසාදනය වූ ආකාරය ගැන අනාවරණය කර ගැනීමට මෙතෙක් හැකි වී නැත,

හම්බන්තොට මෙතෙක් සලකන ලද්දේ කොවිඩ් රෝගීන් හමු නොවූ ප්‍රදේශයක් වශයෙනි . මෙම රෝගියා හමුවීමත් සමග එම ප්‍රදේශයේ ද කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පෙනී යන්නේ මිනුවන්ගොඩින් හමු වූ කොවිඩ් පොකුර මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *