කොළඹ දැන් කොවිඩ් අධි අවදානම් කලාපයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය ද අධි අවදානම් කලාපයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි .

එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කීවේ කොවිඩ් අධි අවදානම් කලාප හරියට හඳුනාගෙන නියම වෙලාවට හුදෙකලා නොකළ හොත් කොවිඩ් සමාජීය වශයෙන් පැතිරෙන තත්ත්වයට පත්වීමෙන් රට ම අවදානමට ලක්වන බව යි.

කොවිඩ් ව්‍යාප්තිය ගැන නිවැරදි තොරතුරු ජනතාවට ලබාදිය යුතු බවත්, රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව සංඛ්‍යා  ලේඛන සහිතව ජනතාවට දැනුම් දිය යුතු බවත්, කුමන ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වන්නේ ද යන්න හඳුනාගත හැකි වියයුතු බවත් ප්‍රනාන්දු මහතා කීය .

මෙම වසංගතයට මුහුණදීමේ හැකියාව පිළිබඳව නිතිපත තක්සේරු කිරීමේ සහ අවශ්‍ය සම්පත් වැඩිකිරීමේ අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

පී සී ආර් පරීක්ෂණ කිරීමට දැනට ඇති දිනකට 6000 ක් ප්‍රමාණයක හැකියාව  දිනකට 10,000 දක්වා වැඩි කළ යුතු බවද වෛද්‍ය සංගමය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *