කොවිඩ් 19 පොකුර 1789 ට නගී ; කොළඹ නගර සභාවත් වසයි ; තොරතුරු දෙන නිලධාරීගේ කටවල් වසයි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සංඛ්යවා අද සවස් වනවිට 1789 ක් දක්වා ඉහල ගිය බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වී ඇති සංඛ්‍යාව 85 කි .

කොවිඩ් රෝගීන් හමුවීම නිසා දිවයින පුරා විවිධ ආයතන රාශියක් වස දම ඇති අතර අද දහවල් කොළඹ නගර සභාව ද වසා දමා තිබේ. කොළඹ නගරයේ ද අනතුරුදායක බව වැඩි වී ඇති බව කියතත් ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැති බව රජය ප්‍රකාශ කරයි.

කොවිඩ් තත්ත්වය ගැන තොරතුරු දීමෙන් වලකින ලෙස රජය නිලධාරීන් දැනුවත් කර ඇති බව ද වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සිටින වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් කොට ඇති බව ද වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *