ස්වාධින කොමිසන් සභා රැකගන්න  – ජාතික ක්‍රිස්තියානි සභාවෙන් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට යන ආකාරය ගැන සිය කනස්සල්ල ප්‍රකාශකරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සභාව  19 වැනි සංශෝධනය මගින් හඳුන්වාදුන් ස්වාධින කොමිසන් සභා ක්‍රමය ආරක්ෂා කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

වගවීමක් සහිත ආණ්ඩුකරණයක් සඳහා ස්වාධින කොමිසන් සභා ක්‍රමය අත්‍යවශ්‍ය බව ද ක්‍රිස්තියානි සභාව කියයි.

20 වැනි සංශෝධනය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිස්තියානි සභාව මෙම අදහස් ප්‍රකාශ කරයි.

දිවයිනේ සියලුම ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලි සහ ක්‍රිස්තු භක්තික  නිකාය නවයක්  ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සභාවට ඇතුලත් ය.

විසිවැනි සංශෝධනයට ගෙනෙන සියලු සංශෝධන කල් තබා ජනතාවට ඉදිරිපත් කොට විවෘත සාකච්ඡාවක් මගින් අදහස් ලබාගත යුතු බව ද ක්‍රිස්තියානි සභාවේ නිවේදනයේ සඳහන් ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *