20 මැතිසබයට ගේන්න පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවයි !

 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින නියම කිරීම  සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවීමට යන බව තතු දත් ආරංචි මාර්ග කියයි .

මෙම රැස්වීම හෙට ( 16 දා ) පැවැත්වීමට ඉඩ ඇති බව ද කියති .

20 වැනි සංශෝධනය විවාදයට ගැනීමට ඉදිරි සතියේ දින කිහිපයක් යොදා ගැනීම මෙම පක්ෂ නායක රැස්වීමේ ප්‍රධාන කාර්යය වනු ඇත.

එමෙන් ම ලබන සතියේ 21,22,23 දිනවල ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට  පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කිරීමට ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට උපදෙස් ලැබී ඇති බව ද දැනගන්නට තිබේ.

20 වැනි සංශෝධනය ලබන සතියේ ම පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට යන බව සියලු ආරංචි මාර්ග තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *