රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට ගන්න ආණ්ඩුව නියෝගයක් දී නැහැ – ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

හිටපු ඇමති රිශාඩ් බදියුදීන්  මහතා අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව කිසිදු නියෝගයක් කර නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමති ජොන්ස්ටන්  ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මෙය පොලිසිය ස්වාධිනව ගත්  තීරණයක් බවත් තම ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීම ගැන බදියුදීන් මහතාට චෝදනා එල්ල වී ඇති බවත් , ඒ ගැන  පොලිසිය කරන පරීක්ෂණ අනුව ඔහු අත් අඩංගුවට ගැනීමට යන බවත් ඇමතිවරයා පැවසී ය.

පසුගිය ආණ්ඩු සමයේ තමන්ට එරෙහිව නඩු 8ක් පැවරු බවත්, ඉන් තමා විශාල ලෙස පීඩාවට පත්වූ බවත්, ඉන් නඩු හතරක් තවමත් ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

කුරුණෑගල බමුනුකොටුව සෞඛ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පල කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *