මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1704 ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ බ්‍රන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වූ කොවිඩ් 19 පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව අද හවස් වනවිට 1704 ක් දක්වා ඉහළ  ගිය බව වාර්තා වෙයි .

කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අධිපති, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේ අද හවස් වන විට නව ආසාදිතයින් 113 ක් හමු වූ බව යි..

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් ආසාධිතයන් හමු වී ඇති බව යි.

මෙය ශ්‍රී ලංකාවේ හමු වූ 33 වන කොවිඩ් පොකුර බව කී ඒ මහතා විශාලතම පොකුර වුවත් එය පාලනය කිරීමට හැකි වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශ්වාසය බව ද කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *