කරුණා අම්මාන් අග්‍රාමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයට

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස හිටපු අමාත්‍ය විනයගමූර්ති මුරලිදරන් නොහොත් “කරුණා අම්මාන්” මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට බඳවාගෙන තිබේ.

පැවති යුධ සමයේදී හමුදා සාමාජිකයන් දහස් ගණනක් තමන් විසින් මරා දැමූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කරුණා අම්මාන් කිසි ලෙසකින් හෝ පොහොට්ටු පක්ෂයට ලං කර නොගන්නා බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පසුගිය මැතිවරණ කාලයේ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයින් මෙන්ම ප්‍රබලයින් පවා ප්‍රකාශ කළ නමුත් මේ වනවිට සිදුව ඇත්තේ ඊට හාත්පසම වෙනස් දෙයකි.

මේ වනවිට සිදුව ඇත්තේ ඔහු පොහොට්ටු පක්ෂයේ නායකයා වන වත්මන් ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ අයෙකු ලෙස තම සමීපයටම ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබී ය.

කරුණා අම්මාන් මැතිවරණ වේදිකාවේ නිරන්තරයෙන් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා තමන්ට සලකන බව ය.

ඊට අදාල නිල පත්වීම සහිත ලිපිය පහතින් දැක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *