කටුනායකට ඇඳිරි නීතිය ; කර්මාන්තශාලා වසන්නේ නැහැ

මෙතෙක් ඇඳිරි නීතිය පනවා නොතිබූ කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට(15) උදෑසන 5 සිට නැවත  දැනුම් දෙන තුරු  නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.
ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ගේ කටයුතු පවත්වා ගෙන යා හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි
නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ගේ සේවක සේවිකාවන්ට තම ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවත් එය නොමැති නම් අනන්‍යතාව තහවුරු කොට සේවයට වාර්තා කළ හැකි බවත් , යුද හමුදාපති තවදුරටත් සඳහන් කරයි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *