අද දිනයේ කොවිඩ් 19 රෝගීන් 194ක් ; මිනුවන්ගොඩ පොකුර 1601ක් වෙයි

අද දිනයේ මේ වනවිට අලුතින් කොවිඩ් 19 ගොගීන්  194 ක් හඳුනාගනු ලැබ ඇත.

ඒඅනුව මිනුවන්ගොඩ පොකුරත් සමග වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 1601 දක්වා ඉහල ගොස් තිබේ.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 160ක් දක්වා ඉහල ගොස් ඇති බව ද වාර්තා වෙයි.

රට පුරා විවිධ ස්ථානවලින් කොවිඩ් රෝගීන් හමුවීම දිගට ම සිදුවෙමින් පවතියි.

රෝගීන් සඳහා රෝහල්වල වෙන්කර තබූ මුළු ඇඳන් සංඛ්‍යාව අද පිරී ගිය බව ද වාර්තා වීය.

කොවිඩ් පාලන කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ප්‍රකාශ කළේ රෝගීන් සඳහා තවත් ඇඳන් 2000ක් සුදානම් කිරීමට කටයුතු කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *