කතෝලික රදගුරු සම්මෙලනයත් 20 එපා කියයි ; තුනෙන් දෙකෙන් ජනමතය නියෝජනය නොවන බවත් කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20 වන සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙස කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි .

මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව සියලු දෙනාගේ සහභාගීත්වයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය බව කියන රදගුරු සම්මේලනය පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස ක්‍රියා කරමින් එය කළ යුතු බව කියයි.

ව්‍යවස්ථා සම්පාදනය සියලු දෙනාගේ මත විමසමින් සම්මුතිය මගින් කළ යුත්තක් බව ද රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

එක් අයකු අතේ බලය සංකේන්ද්‍රණය වීම රටට අහිතකර බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබීමෙන් රටේ ජනමතය ප්‍රකාශ නොවන බවත් රදගුරු සම්මේලනය  වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *