එදා මට කතාකරන්න දුන්නේ නැහැ ; මම 20 ට විරුද්ධයි – විජයදාස රාජපක්ෂගෙන් ජනාධිපතිට ලිපියක්

පසුගිය සිකුරාදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තමන්ට කතා කිරීමට ඉඩ නොදුන් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට විරුද්ධ තමාගේ අදහස් මෙලෙස ලිපියකින් දන්වන බවත් කියමින්න් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකොට ඇත.

ජනාධිපතිගේ මුක්තිය , ඇමති මණ්ඩලයට අතිසීම ඉවත් කිරීම , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අසීමිත බලයක් ලබාදීම ආදී ක්‍රියාමාර්ග මගින් ඒකාධිපති බලයක් නිර්මාණය වන බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

අනාගත ජනාධිපතිවරුන් අතට මෙබඳු බලතල හිමිවීම ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව නිදහසට හානිකර බව විජේදාස රාජපක්ෂ මහතා කියයි .

හිතට එකඟව 20 සංශෝධනයට සහය දිය නොහැකි බව රාජපක්ෂ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *