පරිප්පු, ටින් මාළු, බී ලුණු , සීනි ආනයන බදු ඉවතට

පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වන්නේ බදු ඉවත් කිරීම හේතුවෙන් අද රාත්‍රියේ සිට ලොකු ටින් මාළු එකක් රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇති බවයි.
මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *