ශ්‍රේෂ්ඨාධිකරණයේ ලිපිය තාම විවෘත් කර නැහැ – තීන්දුව පිට වූ හැටි කථානයකටත් ප්‍රශ්නයක් !

අධිකරණ තීන්දුව ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබුණු ලිපි කවරය තවම විවෘත කොට නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කොට ඇත.

ඒ අතර අධිකරණ තීන්දුව බව කියන ලියවිල්ලක් අන්තර් ජාලය සහ ජනමාධ්‍ය මගින් ප්‍රචාරයට පත් වී තිබේ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ එය සත්‍ය ලියවිල්ලක් බව යි. දේශපාලන පක්ෂ හා ආණ්ඩුව ද එයට ප්‍රතිචාර දක්වා ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියන්නේ මෙබඳු තීන්දුවක් ජනමාධ්‍යයේ පලවීම තමන්ට ද ප්‍රශ්නයක් බව යි.

කෙසේ වෙතත් දේශපාලන සහ අධිකරණ ආරංචි මාර්ග කියන්නේ ලබා 20 දා කථානායකතුමා විසින් ප්‍රකාශයට පත් කරන තෙක් මෙය නිල ලේඛනයක් ලෙස පිළිගත නොහැකි බව යි.

ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව ලබාදෙන්නේ කථානායකතුමාට හා ජනාධිපතිතුමාට පමණක් බවත් ,එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ හැක්කේ කථානායක තුමාට පමණක් බවත් , තතුදත් අංශ කියයි.

කිසි විටෙක ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් නොකරන බවත් කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *