ජනමත විචාරණයකට යන්නේ නැහැ ; 20 ට සංශෝධන ගෙනෙනවා – ඇමති මහාචාර්ය ජී එල් පීරිස්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයකට යොමුවීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් , ශ්‍රේෂ්ටාධිකරණයේ මතය අනුව අවශ්‍ය සංශෝධන ඇතුලත් කිරීමට කටයුතු කරන බවත්, ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ ය.

නීතිපතිවරයා මගින් ආණ්ඩුව අධිකරණයට ඉදිරිපත් කළ  සංශෝධනවලට අමතරව මෙම සංශෝධන ඇතුලත් කරන බව ඇමතිවරයා පැවසී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලෙස මාධ්‍යවල පලවන වාර්තාව ගැන කිසිවක් ප්‍රකාශ නොකළ ඒ මහතා නිල වශයෙන් තීන්දුව ලැබුණු පසුව ඒ අනුව කටයුතු කරන බව කීය.

20 වන සංශෝධනය ගැන ආණ්ඩුව තුළ විවිධ මත තිබුණත් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අවසානයේ දී ලැබෙනු ඇතැයි ඒ මහතා විශ්වාසය පල කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *