හඳුන්කූරේ කූර රටින් ගේන්න අවසර ; ඇමති මණ්ඩලය තීරණය කරයි !

හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය කූරු පිටරටින් ආනයනය කිරීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළේ ය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව හෙළිදරවු කළේ ය.

හඳුන්කූරු නිෂ්පාදනය සඳහා මෙම කූර අවශ්‍ය බව කියති. එය උණ බටවලින් කරන නිෂ්පාදනයක් වන අතර දේශීය හඳුන්කූරු නිෂ්පාදනය සිදු කරන්නේ පිටරටින් ගෙන්වන මෙම කූරු උපයෝගී කොට ගෙන ය.

රටින් භාණ්ඩ ගෙන්වීම නවතා දැමීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව මෙම කුරු ආනයනය නවතා තිබිණි. එසේ වුව ද , එම කූරු ආනයනය නොකර දේශීය හඳුන්කූරු නිෂ්පාදනය කළ නොහැකි බව කියති .

එබැවින් එම කූරු ආනයනයට අවසර දීමට ඇමති විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *