20 න් රට ආපස්සට ගියත් , පොරොන්දු කැඩුවත් ආණ්ඩුව එක්ක හැප්පෙන්නේ නැහැ – ශ්‍රීලනිප හිටපු ප්‍රධාන ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

20 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු වන්නේ රට ආපස්සට යාමක් බවත් , ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය තම පක්ෂයට දුන් පොරොන්දු කඩකොට ඇති බවත් , කලකිරීමෙන් සිටියත් මේ මොහොතේ ආණ්ඩුව සමග හැප්පෙන්නේ නැති බවත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා ප්‍රශ්නය මුල්කරගෙන පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා  අත්අඩංගුවට ගන්න බව කියමින් ආණ්ඩුව තමන්ට තර්ජනය කරන බවත් , එසේ කියමින් එකට ආණ්ඩු කරන්නට බැරි බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමග එකඟ වූ පොරොන්දු ඒ ආකාරයෙන් ඉන්පසුව ඉටු නොවූ බව ඔහු පවසයි.

අද ඇතැම් ඇමතිවරුන් තම පාක්ෂිකයන්ට කෙනෙහෙලිකම් කරමින් සිටින බවද ශ‍්‍රීලනිප නායකයාට අපහාස උපහාස කරන බවත් ඔහු පැවසීය.

සන්ධානයක් තුල කටයුතු කරද්දී පාර්ශවයන්ට සාධාරණය විය යුතු බවත් අද ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් බොහෝ කණස්සල්ලෙන් සිටින බවත් ඒ මහතා කියයි.

මහනුවර දී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *