පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති

මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවක සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොහේ හෝ තැනක අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදු වී ඇතැයි පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග TRUTH WITH CHAMUDITHA අන්තර්ජාල නාලිකාවේ  සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“අපි මුව වැසුම් පැළඳ සිටියත් ජනතාව එසේ නොකරන තත්ත්වයකට පත්ව සිටි” බව ද හමුදාපතිතුමා පැවසී ය.

මිනුවන්ගොඩට අමතරව කටුනායක මූලික කරගෙන තවත් කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද කී ඔහු එම අවදානම රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතැයිද කියා සිටියේය.

මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *