එජාපය බඩු මිල අඩු කළේ පිටරටින් ගෙනල්ලයි ; අපි එහෙම කරන්නේ නැහැ – වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

එක්සත් ජාතික පක්ෂ රජය බඩු මිල අඩුකලේ මිල ඉහල යන විට පිටරටින් භාණ්ඩ ආනයනය කිරීමෙන් බවත් , දේශීය ගොවියා සහ ව්‍යාපාරිකය ගැන සිතා තම රජය එසේ නොකරන බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

පිටරටින් ගෙනවිත් දෙන්නේ නම් සහල් කිලෝව රුපියල් 79 කට දිය හැකි බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් දේශීය ව්‍යාපාරිකයා රජයට සහය නොදෙන බවත් , රජය සහල් සඳහා රුපියල් 98 ක සහතික මිලක් නියම කළ විට තොග වෙළෙන්දා පිටකොටුවට සහල් දෙන්නේ කිලෝව රුපියල් 97 කට බවත් , රුපියලකින් වෙළෙන්දාට වියදම් පියවාගෙන ලාබ ගත නොහැකි බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසී ය.

මරඳගහමුල සහල් වෙළෙඳ ගබඩා පිරික්සීමට ඊයේ කළ සංචාරයකින් පසුව මාධ්‍යවේදීන් අමතා ඒ මහතා මෙම අදහස් පල කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *