ඇඟලුම් කොරෝනා පොකුර 1307ක් දක්වා ඉහළට… අද මේ වනවිට ආසාදිතයින් 121ක්…

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේන් මතු වූ කොවිඩ් – 19 පොකුරේ ආසාදිතයන් ගණන තව දුරටත් වර්ධනය වෙමින් අද (11) දිනයේද මේ වනවිට 121 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 39 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් වන අතර අනෙක් 34 දෙනා ඔවුන්ගේ සමීපත ආශ්‍රිතයින් වේ. එමෙක්ම තවත් 84 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් ය

ඒ අනුව මේ වනවිට බ්‍රැන්ඩික්සි කොරෝනා පොකුර 1307ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 1429කි.

ජීවිතක්ෂයට පත්වූ ගණන 13කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *