20 ට ජනමත විචාරණයක් ඕනෑ ! – අධිකරණ තීන්දුව බව කියන ලියවිල්ලක් අන්තර් ජාලයේ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධිකරණ තීන්දුව යයි කියන නිල නොවන ලියවිල්ලක් අන්තර්ජාලයේ පල වී ඇත .

ඒ අනුව එහි වගන්ති හතරක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණ නියෝගය යයි කියන ලියවිල්ලේ සඳහන් ය. එයින් දෙකක් සංශෝධනය කළ හැකි ආකාරය එහි දක්වා ඇත . අනෙක් දෙක සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව කියති .

ජනමත විචාරණයක් අවශ්‍ය බව කියන ප්‍රධාන වගන්තිය වන්නේ ජනාධිපතිවරයාගේ මුක්තිය පිලිබඳ වගන්තියයි.

කෙසේ වෙතත් , නිල අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වන්නේ එය පාර්ලිමේන්තුවේ සභාගතකිරීමෙන් පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *